Impartial news reporting for a stronger democratic society
නබිතුමාට අපහාස කලැයි චෝනා කරම්න් බංග්ලාදේශයේ සේවය කළ ඉන්දීය ජාතිකයා පුළුස්සා මරා දමලා

නබිතුමාට අපහාස කළ බවට චෝනා කරම්න් , බංග්ලාදේශයේ කර්මාන්ත ශාලාවක සේවය කරන ඉන්දීය ජාතිකයකු  පුළුස්සා මරා දැමීමට එරෙහිව ඉන්දියාවේ විරෝධතා උත්සන්න වී තිබේ.

බංග්ලාදේශයේ මයිමෙන්සිං දිස්ත්‍රික්කයේ කර්මාන්ත ශාලා සේවකයකු වන 27 හැවිරිදි දීපු චන්ද්‍රදාස් ට පසුගිය සතියේ පහර දී පුළුස්සා මරා දමා තිබුණි.

එම සහාසික ක්‍රියාවට විරෝධය පළකරමින් ඉන්දියාවේ නවදිල්ලියේ බංග්ලාදේශ මහ කොමසාරිස් කාර්යාලය අසල සිය ගණනක් ජනයා විරෝධතා දක්වා තිබේ.

මිට අමතරව ජම්මු සහ කාශ්මීර ප්‍රදේශය ඇතුළුව රටේ අනෙකුත් ප්‍රදේශවල ද විරෝධතා පවත්වා ඇති අතර දීපු චන්ද්‍රදාස්ගේ මරණය සම්බන්ධයෙන් අවම වශයෙන් පුද්ගලයන් 10 දෙනෙකු මේවන විට අත්අඩංගුවට ගෙන ඇති බවද විදෙස්  මාධ්‍යය පෙන්වා දෙයි.

හින්දු බහුතරයක් වෙසෙන ඉන්දියාව සහ මුස්ලිම් බහුතරයක් වෙසෙන අසල්වැසි බංග්ලාදේශය අතර ආගමික කාරණා මත ආතතීන් උග්‍ර කැර ඇති බව පෙනෙන්නට ඇති කාරණයකි. මේවන විට දෙරට අතර වීසා සේවා ද අත්හිටුවා තිබේ.

දෙරට අතර සබඳතා පළුදු වීමට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනා පසුගිය වසරේ ඇයට එරෙහි මාරාන්තික විරෝධතාවලින් පසු නවදිල්ලියට පළා ගිය දා සිට ඇයට ඉන්දීය රැකවරණය ලැබීමත් සමඟය.

Follow by Email
LinkedIn
Share
WhatsApp