Impartial news reporting for a stronger democratic society
වරෙන්තු කර ඇති බව දැනගත්තේ ජනමාධ්‍යයෙන් ! මන්ත්‍රී අර්චුනාව අධිකරණය ඇප මත මුදාහරි

වරෙන්තු නිකුත් කර තිබූ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා පෙර ඇප මත මුදාහරින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා ඊයේ (24) නියෝග කැර ඇත.

කොටුව පොලිසියේ නිලධාරින්ගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගොනු කැර ඇති නඩුවක් පෙරේදා (23) කැඳවූ අවස්ථාවේදී මන්ත්‍රීවරයා අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුකොට ගෙන ඔහු අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කැර තිබුණි.

ඒ් අනුව  මන්ත්‍රිවරයා ඊයේ (24)  පොලිසියට බාර විය. පැවැති ආපදා තත්ත්වය හමුවේ නඩුව කැඳ­වී­මට තිබූ පසු­ගිය නඩු දිනයේ නඩුව කැඳ­වූයේ නැති බව එහිදී සැක­කාර මන්ත්‍රි­ව­රයා වෙනු­වෙන් කරුණු දක්ව­මින් නීතිඥ මංජු ශ්‍රී චන්ද්‍රෙස්න මහතා ප්‍රමුඛ නීතිඥ මඬුල්ල අධි­ක­ර­ණය හමුවේ කියා සිටි­යහ. වෙනත් දින­යක් දැන්වීම් පුව­රුවේ සඳ­හන් කැර නොතිබූ බව නීතිඥ මංජු ශ්‍රී චන්ද්‍රෙස්න මහතා අධි­ක­ර­ණය හමුවේ පැව­සීය.

සිය සේවා­දා­ය­කයා වරෙන්තු කැර ඇති බව දැන­ගෙන ඇත්තේ ප්‍රවෘත්ති මඟින් බව ද සැක­කාර මන්ත්‍රී­ව­රයා වෙනු­වෙන් කරුණු දක්ව­මින් ඔහු තවදුරටත්  කියා සිටි­යේය.

 සියලු කරුණු සලකා බැලීමෙන්  පසු අත්අ­ඩං­ගු­වට ගනු ලැබූ සැක­කාර මන්ත්‍රි­ව­රයා ඇප මත මුදාහරින ලෙස මහේ­ස්ත්‍රා­ත්ව­රයා නියෝග කෙළේය.

ඡායා­රූ­පය – දුෂ්මන්ත මායා­දුන්න

Follow by Email
LinkedIn
Share
WhatsApp