
ජපානයේ ගිනි අවි සහ මත්ද්‍රව්‍ය පාලන නීතිය උල්ලංඝනය කිරීම හේතුවට සැක පිට ශ්‍රී ලාංකිකයකු පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
ටෝකියෝ නුවර ෂිනගාවා දුම්රිය ස්ථානය අසල ඇති යොෂිනෝයා අවන්හල ආසන්නයේදී මෙම ශ්‍රී ලාංකිකයාව එරට පොලිසිය පසුගිය දා (22) අත්අඩංගුවට ගෙන ඇත.
පෙ.ව. 10.30 ට පමණ සිය උගුර ප්‍රදේශයට පිහියත් තබා ගෙන සිටින පුද්ගලයකු දැක ඇති දුම්රිය ස්ථානයේ නිලධාරියෙකු වහාම සහාය ඉල්ලා සිටි ඇත.
මෙම ශ්‍රී ලාංකිකයා සිය බෙල්ල පිහියකින් කපා ගැනීම නිසා තුවාල සිදුව තිබු බවත්, අතේ සහ බෙල්ලේ ලේ ගැලීමේ තුවාල ඇතිව සිහිසුන්ව සිට නිසා අත්අඩංගුවට ගත් බවත් ජපාන පොලිසිය කියයි.
වහා ක්‍රියාත්මක වූ පොලිසිය ඉක්මණින් ප්‍රදේශය වටලා, ඔහු සමඟ සංවාදයක නිරත වී පසුව පිහිය බිම දැමීමට පොළඹවා ගෙන තිබේ. අවට සිටි කිසිවකුට තුවාලයක් හෝ හානියක් සිදුවී නැත.
දුම්රිය ස්ථානය අසල ආපන ශාලාවෙන් පිටත එම සිටි නිලධාරීන් දස දෙනෙකු එක්රැස් වී මෙම තත්ත්වය පාලනය කැර ඇත.
ඔහුගේ පාලනය කැර ගැනීමෙන් පසුව, ජපානයේ ගිනි අවි සහ මත්ද්‍රව්‍ය පාලන නීතිය උල්ලංඝනය කිරීමේ සැකය මත එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇතැයි සඳහාන් වෙයි.( දිනමිණ ඇසුරෙන්)
