
තායිවානයේ ගිනිකොනදිග වෙරළබඩ ප්රාන්තයක් වන ටයිටුන්ග්හි එරට වේලාවෙන් අද (24) පස්වරුවේ රික්ටර් මාපකයේ 6.1ක ප්රබල භූමිකම්පනයක් ඇති තිබෙන බව විදෙස් ප්රවෘත්ති සේවා සේවා සඳහා කරයි.
මේ හේතුවෙන් තායිපේ අගනුවරද ගොඩනැගිලි සෙලවී ඇති බව විදෙස් ප්රවෘත්ති සේවා සඳහන් කරයි. කෙසේ නමුත් මින් වූ හානිය පිළිබඳ තොරතුරු වාර්තා කැර නොමැත.
භූමිකම්පාව කිලෝමීටර් 11.9 (සැතපුම් 7.39)ක් ගැඹුරින් සිදුව ඇති බව තායිවාන බලධාරීන් පවසයි.

2016 වසරේ දී දකුණු තායිවානයේ ඇති වූ භූමිකම්පාවකින් පුද්ගලයින් 100කට වැඩි පිරිසක් මිය ගිය අතර, 1999 වසරේ ඇති වූ රික්ටර් මාපකයේ 7.3ක භූමිකම්පාවකින් පුද්ගලයින් 2,000කට වැඩි පිරිසක් මිය ලොස් ඇති බව සඳහාන් වන අතර, මේ ප්රමාණය මෙයට වඩා වැඩිවිය හැකි බව තායිවාන බලධාරීන් සඳහාන් කරයි .( දිනමිණ ඇසුරෙන් )
