
නත්තල යනු අන්ධකාරය මධ්‍යයේ ආලෝකයේ උපත සමරන දිනයක් බව ශ්‍රී ලංකාවේ ඉරාන ඉස්ලාමීය ජනරජයේ, තානාපති කාර්යාලයේ සංස්කෘතික උපදේශක ආචාර්ය Ali Kebriaei Zadeh මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි.
නත්තල වෙනුවෙන් නිකුත් කළ එම නිවේදනයේ වැඩි දුරටත් මෙසේ සඳහාන් වෙයි.
ප්‍රේමය, නිහතමානීකම සහ මනුෂ්‍යත්වය සඳහා බලාපොරොත්තු දරන්නා වූ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ආශිර්වාද ලත් උපත නිමිත්තෙන්, ශ්‍රී ලංකාවේ උතුම් හා ගෞරවනීය ජනතාවට මම මගේ අවංක උණුසුම් සුබ පැතුම් පළමුව පිරිනමනවා.
නත්තල යනු ජාතීන් එක්සත් කරම්න්, සාමකාමී සහජීවනය කරා යන මාවත ආලෝකවත් කරන දිනයක් වෙනවා. විශේෂයෙන් වටිනාකම් සහ අනුකම්පාව, සංහිඳියාව , මානව ගරුත්වය පිළිබඳ සදාකාලික මතකයන් නත්තලේ දී අපට නැවත නැවතත් මතක් කැර දෙනවා.
ගැඹුරු අධ්‍යාත්මික සම්ප්රදායන්ගෙන් පොහොසත් වූ පුරාණ ශිෂ්ටාචාර දෙකකට උරුමකම් කියන ශ්‍රී ලංකාව සහ ඉරානයත් එහි ජනතාවත් අතර පවතින අන්‍යෝන්‍ය ගෞරවය අප සියලු දෙනාට ආදර්ශයක් සපයනවා. හදවත් අතර සංවාදය, කල් පවතින මිත්‍රත්වය සහ එකිනෙකාගේ විශ්වාසයන් සහ සංස්කෘතික උරුමයන් කෙරෙහි මේ ආදර්ශයන් ශක්තියක් වී තිබෙනවා.
මෙම ආශිර්වාද ලත් නත්තල් සමය කිතුනු පවුල්වලට සහ මෙම සුන්දර දේශයේ සියලුම ජනතාවට සාමය, ආශිර්වාද සහ අලුත් බලාපොරොත්තු ගෙන එනු ඇතැයි මම විශ්වාස කරනවා. ඒ් වගේම ක්‍රිස්තුස් වහන්සේගේ උපත තුළ අන්තර්ගත ප්‍රේමය සහ දයාව පිළිබඳ කල් පවතින පණිවිඩය වඩාත් සාධාරණ, වඩාත් දයානුකම්පිත සහ සහයෝගීතාවයෙන් එක්සත් වූ ලෝකයකට ආශ්වාදයක් ගෙන දෙන බව මෙහිදී කිවයුතු වෙනවා.
