Impartial news reporting for a stronger democratic society
වසර 30කට පසු සෞදි අරා­බියට හිම­ප­ත­න­න­යක් ! සෙල්සි­යස් අංශක 4කට උෂ්ණත්වය බහි

දැඩි උෂ්ණත්වයක් ඇති සෞදි අරා­බියට වසර 30කට පසු  හිම­ප­ත­න­න­යක් සිදුවී ඇතැයි විදෙස් මාධ්‍ය සඳහාන් කරයි.

 එරට බොහෝ ප්‍රදේශ හිමෙන් වැසී ගොස් ඇති බවත්, කාන්තා­ර­වල අයිස් සහිත භූ දර්ශන නිර්මා­ණය වී ඇති බවත් විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් සඳහාන් කරයි.

එම දුර්ලභ දර්ශ­නය සෞදි වැසි­යන් විම­ති­යට පත් කැර ඇති බවත්, හිමෙන් වැසුණු කාන්තාර දැක බලා ගැනී­මට සහ එහි අසි­රිය විඳ­ ගැ­නී­මට එරට අති­වි­ශාල පිරි­සක් විවිධ ප්‍රදේ­ශ­වල සංචා­රය කර­මින් සිටින බවත ගල්ෆ් ටුඩේ පුවත් සේවය සඳහාන් කරයි.

සෞදි අරා­බියේ උතු­රින් පිහිටි ජබාල් අල් ලෝස් සහ ට්‍රෝජෙනා පළා­ත්වල උෂ්ණ­ත්වය සෙල්සි­යස් අංශක 4 දක්වා පහත වැටී ඇති අතර, එම ඓති­හා­සික දර්ශන සහිත වීඩියෝ පට සමාජ මාධ්‍ය ඔස්සේ වේග­යෙන් සංස­ර­ණය වී ඇතැයි ද ගල්ෆ් ටුඩේ පුවත් සේවය වැඩි­දු­ර­ටත්  සඳහාන් කරයි.( දිනමිණ ඇසුරෙන්)