Impartial news reporting for a stronger democratic society
පාකිස්තානයට  ජලය නොදෙන්න ඇෆ්ග­නි­ස්තා­නයෙන් සැලස්මක් ! කුනාර් ගංගාව හරස් කොට නව වේල්ලක්

උතුරු පාකි­ස්තා­නය සහ නැඟෙ­න­හිර ඇෆ්ග­නි­ස්තා­නය ඔස්සේ ගලා බසින  කුනාර් ගංගාව කේන්ද්‍ර කර­මින් නව වේල්ලක් ඉදි කිරී­මට තලේ­බාන් රජය සැල­සුම් කැර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහාන් කරයි.  පාකි­ස්තා­න­යට වාර්ෂි­කව ඝන මීටර් බිලි­යන 21ක ජල ධාරි­තා­වක් සප­යනු ලබන එම ගංගාව අව­හිර කර­මින් ඉදි කිරී­මට යෝජිත නව වේල්ල දෙරට අතර දේශ­සීමා ගැටුම් තව­දු­ර­ටත් උත්සන්න කරනු ඇතැයි පාකි­ස්තා­නයේ ආර­ක්ෂක ඇමැති කවාජා ආසීෆ් ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත්  වෙන්වා දෙයි. තලේ­බාන් රජයේ නව සැල­සුම ඒක­පා­ර්ශ්වික තීර­ණ­යක් බව­ටත්, එය පාකි­ස්තා­නයේ ජල අයි­ති­වා­සි­කම් උල්ලං­ඝ­නය කරන සැල­සු­මක් බව­ටත් පාකි­ස්තාන ආර­ක්ෂක ඇමැ­ති­ව­රයා අන­තුරු අඟවා ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳ­හන් කරයි. කිලෝ­මී­ටර් 480ක දිගින් යුතු කුනාර් ගංගාව හරහා වේල්ලක් ඉදි කිරී­මට තලේ­බාන් රජය තීර­ණය කර ඇත්තේ පාකි­ස්තා­නය සමඟ පසු­ගිය ඔක්තෝ­බර් මාස­යේදී දේශ­සීමා සටන් ආරම්භ වීමෙන් පසුව බවද වාර්තා වේ

Follow by Email
LinkedIn
Share
WhatsApp