Impartial news reporting for a stronger democratic society
ලොව මවිතයට කරයි! Bohai මුහුදෙන් චීනය ටොන් මිලියන100යට වැඩි තෙල් නිධියක් සොයා ගනී

ටොන් මිලියන 100 ඉක්මවන සංචිත සහිත Qinhuangdao 29-6 තෙල් නිධිය චීනයේ Bohai මුහුදෙන් සොයාගෙන ඇත.

චීන ජාතික අක්වෙරළ තෙල් සංස්ථාව (CNOOC) අද (24) මේ බව නිවේදනය  කෙළේය.

 2019 වසරේ සිට චීනයේ විශාලතම බොරතෙල් නිෂ්පාදන ඒකකය වන Bohai තෙල් නිධියෙන් සොයා ගත් සංචිතය ටොන් මිලියන 100 ඉක්මවන හත්වැනි තෙල් නිධිය මෙයයි.

චීනයේ අක්වෙරළ තෙල් හා ගෑස් සංචිත තවදුරටත් තහවුරු කිරීම සහ ජාතික බලශක්ති ආරක්ෂාව සහතික කිරීම සඳහා මෙය ඉතා වැදගත් වේ.

Qinhuangdao 29-6 තෙල් නිධිය Bohai මුහුදේ මධ්‍යම ප්‍රදේශයේ පිහිටා ඇත.

Qinhuangdao 27-3 තෙල් නිධිය සොයා ගැනීමෙන් පසු, මෙය මෑත වසරවලදී මෙම මුහුදු ප්‍රදේශයෙන් සොයා ගත් ටොන් මිලියන 100කට වඩා වැඩි සංචිත සහිත තවත් තෙල් නිධියකි. මෙම තෙල් නිධියෙන් දිනකට බොරතෙල් ටොන් 370ක් පමණ නිපදවීමට හැකි බව පරීක්ෂණවලින් අනාවරණය වී ඇති අතර, එමගින් යහපත් ගවේෂණ අපේක්ෂාවන් පෙන්නුම් කරන බව සඳහාන්ය.(දිනමිණ ඇසුරෙන්)

Follow by Email
LinkedIn
Share
WhatsApp