
බංග්ලාදේශ ශිෂ්‍ය විරෝධතාවට පසුගිය වසරේ නායකත්වය දුන් බව කියන තවත් ශිෂ්‍යයකු නාඳුනන තුවක්කුකරුවකුගේ වෙඩි පහරකට ලක්වී ඇතැයි එරට ඩේලි ස්ටාර් පුවත් සේවය සඳහාන් කරයි.
42 හැවිරිදි මොහොමඩ් මොටාලිබ් සික්දර් නමැති මේ සිසු අරගල නායකයා වෙඩි ප්‍රහාරයට ගොදුරු වී ඇත්තේ ඔහු නවාතැන්ගෙන සිටි නිවෙස අසලදී බවත්, වෙඩි පහරින් ඔහුගේ හිසට තුවාල සිදුවී ඇති බවත් ඩේලි ස්ටාර් පුවත් සේවය වැඩිදුරටත් සඳහාන් කෙළේය.
බංග්ලාදේශයේ අරගලයෙන් පසු තරුණ කණ්ඩායම් එක්ව පිහිටුවා ගත් ජාතික පුරවැසි පක්ෂයේ නායකයකු වන මොහොමඩ් මොටාලිබ්ගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචිමාර්ග තහවුරු කැර තිබේ.
මීට දින කිහිපයකට පෙර මැතිවරණ ප්රචාරක රැලියක් අතරතුර නාඳුනන තුවක්කුකරුවකුගේ වෙඩි ප්‍රහාරයකින් එරට ශිෂ්‍ය අරගලයේ නායකයකු වන 32 හැවිරිදි ෂරිෆ් ඔස්මාන් හාදි ජීවිතක්ෂයට පත්වූ අතර, ඔහුගේ ඝාතනය සම්බන්ධව යුක්තිය ඉටු කරන ලෙස ඉල්ලා දහස් සංඛ්‍යාත තරුණ තරුණියන් වීදි බැස සිදු කළ විරෝධතා අතරතුරදී ප්‍රමුඛතම මාධ්‍ය ආයතනයකට ද ප්‍රහාර එල්ල වූ බව සඳහාන් වේ.
ෂරිෆ් ඔස්මාන් හාදිගේ අවසන් කටයුතු පැවැති දිනයේ විශාල ඩනතාවක් ඩකා නුවරට පැමිණි බව සඳහාන් වෙයි.(Source- Dinamina )
