
බංග්ලාදේශයේ මැතිවරණය ප්රචාරක රැලියක් අතරතුර නාඳුනන තුවක්කුකරුවකු කළ වෙඩි තැබීමකින් එරට ශිෂ්‍ය අරගලයේ නායකයකු ලෙස සැලකෙන 32 හැවිරිදි ෂරිෆ් ඔස්මාන් හාදිගේ ඝාතනය වීමත් සමඟ දහස් සංඛ්‍යාත තරුණ තරුණියන් විදි බැස උද්ඝෝෂණවල නිරත වන බව විදෙස් මාධ්‍ය සඳහා් කරයි.
පසුගියදා ඩකා අගනුවර බිජෝයිනගර් ප්‍රදේශයේ පැවති මැතිවරණ ප්රචාරක රැස්වීමක් අතරතුර මුහුණු ආවරණ පැලඳගත් තුවක්කුකරුවකු ශිෂ්‍ය නායක හාදිට වෙඩි ප්‍රහාරයක් එල්ල කළ බවත්, වැඩිදුර ප්‍රතිකාර සඳහා සිංග්ප්පූරුවේ රෝහලකට ඇතුළත් කිරීමෙන් පසු ඔහු ජීවිතක්ෂයට පත්වූ බව බංග්ලාදේශ මාධ්‍ය සඳහාන් කරයි.

හාදිගේ ඝාතනයෙන් කුපිත වූ එරට දහස් සංඛ්‍යාත තරුණ තරුණියන් අන්තර්වාර රජයේ ප්‍රධානී මොහොමඩ් යූනුස්ගේ කාර්යාලය වටලා උද්ඝෝෂණයක නිරත වී ඇති අතර, ඩේලි ස්ටාර් සහ ප්‍රෝතොම් අලෝ මාධ්‍ය ආයතන ගොඩනැඟිල්ලට ද ගිනි තබා ඇතැයි වාර්තා වේ.
විරෝධතාකරුවන් පාලනය කිරීම සඳහා පොලීසියට අමතරව කැරලි මර්දන කණ්ඩායම් ද කැඳ ඇති බවත්, මාධ්‍ය ආයතන ගොඩනැඟිලිවල සිර වී සිටි මාධ්‍යවේදීන් 30දෙනකු එරට ආරක්ෂක අංශ මුදාගනු ලැබූ බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
ඔස්මාන් හාදිගේ ඝාතනයෙන් පසු ජාතිය ඇමතු එරට අන්තර්වාර රජයේ ප්‍රධානී, ඊට වගකිව යුතු පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇතැයි ප්‍රකාශ කර ඇත. පසුගිය සෙනසුරාදා එරට ජාතික ශෝක දිනයක් ලෙස නම් කර තිබූ බව ද බංග්ලාදේශ මාධ්‍ය වැඩිදුරටත් සඳහාන් කරයි.
තරුණ කණ්ඩායම් සිදු කළ ප්රචණ්ඩ ක්‍රියා අතරතුර චිතගොං නගරයේ පිහිටි ඉන්දීය නියෝජ්‍ය මහකොමසාරිස්වරයාගේ නිල නිවෙසට ද ගල්මුල් ප්‍රහාරයක් එල්ල වී ඇති අතර, උද්ගත වූ තත්ත්වය සැලකිල්ලට ගෙන දෙරට අතර විසා බලපත් මෙහෙයුම් අත්හිටුවීමට එරට ඉන්දීය වීසා අයැදුම්පත් කාර්යාලය පියවර ගෙන තිබේ. එරට නැවත ශිෂ්‍ය විරෝධතා උද්ගත වීම සම්බන්ධව රටවල් රැසක් දැඩි අවධානයෙන් පසුවන බව ද සදහාන් වේ
Reported by – Cyber World Press – Dhaka
