Impartial news reporting for a stronger democratic society
දිට්වා සුළි කුණාටුවෙන් ශ්‍රී ලංකාවේ කුළුබඩු අපනයනකරුවන් අමුද්‍රව්‍ය හිඟයකට මුහුණ දී සිටිනවා – අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති  කියයි

ශ්‍රී ලංකාවේ කුළුබඩු අපනයනකරුවන් කෘෂිකාර්මික නිෂ්පාදන අමුද්‍රව්‍ය හිඟයකට මුහුණ දී සිටින බව අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) සභාපති මංගල විජේසිංහ මහතා පැවසීය.

ඔහු මේ බව පැවසුවේ පසුගිය දා කොළඹ පැවැති මාධ්‍ය හමුවකදීය.

සභාපති මංගල විජේසිංහ මහතා තවදුරටත් මෙසේද පැවසීය.

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් කුළුබඩු අපනයනකරුවන් පීඩාවට පත්ව තිබෙනවා. මෙම විනාශයෙන් පීඩාවට පත් වූ ප්‍රදේශය කිපයක අපනයනකරුවන් 573ක් මේවන විට  අප හඳුනාගෙන  තිබෙනවා.ඔවුන්ගෙන් බහුතරයක් කොළඹ, ගම්පහ, පුත්තලම, කුරුණැගල සහ මහනුවර දිස්ත්‍රික්කවල අයයි. ඔවුන් ප්‍රවාහනයේදී අභියෝගවලට මුහුණ දුන්නා. විශේෂයෙන් අපනයන කෘෂිකාර්මික භාණ්ඩ හා කුළුබඩුවල අමුද්‍රව්‍ය නොමැති වීමේ ගැලුවකට මුහුණ දුන්නා. තවමත් අමුද්‍රව්‍ය පිළිබඳ ගැටලු තිබෙනවා. අපනයනකරුවන්ට සිදු වූ හානිය අපි තවමත් තක්සේරු කරමින් සිටිනවා. එය අවසන් වූ පසු එම  ආණ්ඩුවේ අදාළ බලධාරීන් සමඟ  කතා කර ,පශ්චාත් ආපදා අභියෝගවලට මුහුණ දීමේ ක්‍රියා පිළිවෙත ගැන තීන්දු තීරණ ගන්නවා.

දිට්වා සුළි කුණාටුවෙන් දිවයිනේ මධ්‍යම කඳුකරය සහ දකුණු ප්‍රදේශ හරහා විනාශකාරී ගංවතුර සහ නායයෑම්  සිදු වුණා. කෘෂිකාර්මික අංශයට දැඩි ලෙස බාධා කරමින් සහ කුළුබඩු ඇතුළු ජාතියේ ප්‍රධාන අපනයන භාණ්ඩවලට තර්ජනයක්  ඇති වුණා.

මාතලේ සහ මහනුවර වැනි දිස්ත්‍රික්කවල  සිදු වු ගංවතුර සහ නාය යෑම් නිසා  කුරුඳු, ගම්මිරිස්, එනසාල් සහ සාදික්කා වැනි කුළුබඩු ගොවියන් ප්‍රශ්න ගණනාවකට මුහුණ දුන්නා. හෙක්ටයාර දහස් ගණනක භෝග විනාශ වූණා.

ප්‍රධාන සැකසුම් පහසුකම් විනාශ වී ගිය අතර,ගමන් කළ නොහැකි මාර්ග සහ පාලම් කැඩී යෑම නිසා , අපේක්ෂිත ගුණාත්මක භාවය පිරිහීමට ලක් වුණා. මේ නිසා වාර්ෂිකව ඩොලර් මිලියන 500ක ආදායමක් නැති වුණා.