Impartial news reporting for a stronger democratic society
සිඟමනේ යෑමේ චෝදනාවට පාකිස්තානුවෝ රටවල් රැසකින් පිටුවහල් කරති

පාකි­ස්තාන ජාති­ක­යන් 24,000ක් සිඟ­මන් යෑදීමේ චෝදනා මත මේ වස­රේදී සෞදි අරා­බි­යෙන් පිටු­ව­හල් කැර ඇතැයි එරට පාර්ලි­මේන්තු කමිටු රැස්වී­ම­කදී හෙළි වී ඇතැයි විදෙස් මාධ්‍ය සඳහාන් කරයි.

එරට ෆෙඩ­රල් විම­ර්ශන ඒජ­න්සියේ අධ්‍යක්ෂ ජන­රා­ල්ව­රයා, විදෙ­ස්ගත පාකි­ස්තා­නු­වන් සහ මානව සම්පත් සංව­ර්ධ­නය පිළි­බඳ පැවති එම කමිටු රැස්වී­මේදී එම තොර­තුරු අනා­ව­ර­ණය කැර ඇත.  සිඟ­මන් යැදීමේ චෝදනා හේතු­වෙන් තවත් රට­වල් රැස­කින් දහස් ගණ­නක පාකි­ස්තා­නු­වන් පිටු­ව­හල් කැර ඇති බව ද  සඳහාන් වේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය ද එම චෝද­නාව යටතේ පාකි­ස්තා­නු­වන් 6,000ක් මේ වස­රේදී පිටු­ව­හල් කර ඇතැයි ද, අස­ර්බ­යි­ජන් රාජ්‍ය­යෙන් තවත් 2,400කට ආසන්න පිරි­සක් නෙරපා ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් සඳහාන් කරයි.

 උම්රා ආග­මික වන්ද­නාවේ සංචා­රය කරන මුවා­වෙන් පාකි­ස්තාන ජාති­ක­යන් විශාල වශ­යෙන් සෞදි අරා­බි­යට වීසා බල­පත් අයැ­දුම් කර­මින් යුරෝ­ප­යට පලා යෑමේ උත්සා­හ­යක් පව­තින බවත්, එවැනි සැක කට­යුතු පුද්ග­ල­යන් රැසක් පාකි­ස්තා­නයේ ෆෙඩ­රල් විම­ර්ශන ඒජ­න්සිය අත්අ­ඩං­ගු­වට ගනු ලැබූ බව විදෙස් මාධ්‍ය වැඩි දුරටත් සඳ­හන් කරයි

Follow by Email
LinkedIn
Share
WhatsApp