
ඇල්පිටිය දූෂණ මර්දන ඒකකය කරන්දෙණියේ 03 කණුව ප්‍රදේශයේ නිවෙසක සඟවා තිබූ රුපියල් කෝටි 9 කට වැඩි වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවකු ඊයේ (21) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු වැඩ තහනමට ලක් වූ පොලිස් නිලධාරියකු බව අනාවරණය වී ඇත. මත්ද්‍රව්‍ය තොගය කොටස් ලෙස අලෙවි කිරීමට සකස් කැර තිබූ බව මූලික පොලිස් විමර්ශනවලින් අනාවරණය වී ඇතැයි ඇල්පිටිය දූෂණ මර්දන ඒකකය කියයි. මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන කටයුතු සදහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට ලබා දීමට කටයුතු කරන බව ඇල්පිටිය දූෂණ මර්දන ඒකකය කියයි.
ඇල්පිටිය කොට්ඨාසයේ දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රුක්ෂාන් මහතාට ලැබුණු තොරතුරක් මත කළ වැටලීමකින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්රැම් 08කට වැඩි ප්‍රමාණයක් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්, ගාල්ල දිසා නියෝජ්‍ය පොලිස්පති ජගත් සේරම් යන නිලධාරීන්ගේ අධීක්ෂණය මත ඇල්පිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ආර්. රන්දෙණිය මහතාගේ මෙහෙයවීමෙන් මේ වැටලීම සිදු කර තිබේ. ඇල්පිටිය කොට්ඨාස අපරාධ මර්දන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බස්නායක, දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රුක්ෂාන් පොලිස් සැරයන්වරුන් වන ක්‍රිෂාන්ත (5462), ජයලාල් (58469), පොලිස් කොස්තාපල්වරුන් වන උදයකුමාර (82030), ජයසූරිය (106907), විතානච්චි (106103), සිවිල් ආරක්ෂක (10864) අජිත් යන නිලධාරීන් වැටලීම සිදු කැර තිබේ.
(දිනම්ණ ඇසුරෙන් – බළපිටිය විශේෂ,කරන්දෙණිය සමූහ)
