Impartial news reporting for a stronger democratic society
මත්ද්‍ර­ව්‍ය­ය බවට සැක ද්‍රව්‍ය­යක් එන්නත් කර­ගෙන! තරුණයන් තිදෙනාගෙන් එක් අ­යෙක් මරුට – මර­ණ­යට විවෘත තීන්දු­වක් – ශරීර කොටස් රස පරී­ක්ෂ­කට

දවු­ල­ගල පොලිස් වසමේ අල­ප­ලා­වල ක්‍රීඩාං­ග­ණයේ දී මත්ද්‍රව්‍ය බවට සැක කෙරෙන රසා­ය­නික ද්‍රව්‍ය­යක් එන්නත් කර­ගත් තරු­ණ­යන් තිදෙ­නකු අත­රින් එක් අයකු පෙරේදා (20) පස්ව­රුවේ මිය­ගොස් ඇතැයි  අනාවරණය වෙයි.

 අසාධ්‍ය තත්ත්වයේ පසු වූ තරිඳු ලක්ෂාන් කුමාර නමැති 24 හැවි­රිදි තරු­ණයා මාම්පි­ටිය ප්‍රාදේ­ශීය රෝහ­ලට ඇතු­ළත් කිරී­මට රැගෙන යන අත­ර­ම­ඟදී මිය­ගොස් ඇති බව පරී­ක්ෂණ මඟින් හෙළි වී ඇත. මළ­සි­රුර පිළි­බඳ පශ්චාත් මරණ පරී­ක්ෂ­ණය ඊයේ (21) පේරා­දෙ­ණිය ශික්ෂණ රෝහලේ අධි­ක­රණ වෛද්‍ය කාර්යා­ලයේ නීති වෛද්‍ය නිල­ධාරි පාලිත බණ්ඩාර සුබ­සිංහ මහතා  සිදු­ක­රනු ලැබ මර­ණය සම්බ­න්ධ­යෙන් විවෘත තීන්දු­වක් ලබා දෙමින්,  මිය තරුණයාගේ ශරීර කොටස් රස­ප­රී­ක්ෂක වෙත යොමු­කරන ලෙස නායෝග කෙළේය.

 මිය­ගිය තරු­ණයා සමඟ මත්ද්‍රව්‍ය බවට සැක කෙරෙන විස රසා­ය­නික ද්‍රව්‍ය එන්නත් කැර­ගත් අනෙක්  තරු­ණ­යන් දෙදෙ­නා­ගෙන් පොලී­සිය ඊයේ (21) දහ­වල් වන­තු­රුත් ප්‍රකා­ශ­යක් සට­හන් කැර නොගැ­නීම සම්බ­න්ධ­යෙන් ප්‍රදේ­ශ­වා­සීහු පේරා­දෙ­ණිය රෝහලේ මෘත ශරී­රා­ගා­රය ආස­න්නයේ දී දැඩි විරෝ­ධ­තාවයක නිරත වී ඇත.

මිය­ගිය පුද්ග­ලයා තවත් තරු­ණ­යන් දෙදෙ­නකු සමඟ යම් ද්‍රව්‍ය­යක් එන්නත් කර­ගනු දුටු බව 16 හැවි­රිදි පාසල් සිසු­වකු ප්‍රකාශ කැර තිබේ.

දවු­ල­ගල ප්‍රදේ­ශයේ වෛද්‍ය­ව­ර­යකු තරු­ණ­යන්ට මත්පෙති අලෙවි කරන බව­ටද චෝදනා කරන ප්‍රදේ­ශ­වා­සීහු ඒ සම්බ­න්ධ­යෙන් පොලී­සිය කිසිම ක්‍රියා­මා­ර්ග­යක් නොගන්නා බවට ද චෝදනා කරති.

මත්ද්‍රව්‍ය බවට සැක කෙරෙන රසා­ය­නික ද්‍රව්‍ය එන්නත් කැර ගැනී­මෙන් පසු මිය­ගිය තරු­ණ­යාට හුස්ම ගැනීමේ දැඩි අප­හ­සු­තා­වක් ඇතිව තිබෙන බවත්, එම අව­ස්ථාවේ එක් තරු­ණ­යකු එම ස්ථාන­යෙන් පිටව ගොස් තිබෙන බවත් පොලිස් පරී­ක්ෂණ මඟින් අනා­ව­ර­ණය වී තිබේ. මිය­ගිය පුද්ග­ල­යාගේ මරණ පරී­ක්ෂ­ණය ඊයේ (21) පස්ව­රුවේ සිදු කිරී­මට නිය­මි­තව තිබිණි.

 (අසේල කුරු­ළු­වංශ – දිනමිණට ලියන ලද ප්‍රවෘතියක් ඇසුරෙන්)

Follow by Email
LinkedIn
Share
WhatsApp