Impartial news reporting for a stronger democratic society
ඉම්රාන් හුදෙ­කලා සිරගත කිරීමකට ලක් කර ඇතැයි කියන සිද්ධියේ තොර­තු­රු­වල නිර­ව­ද්‍ය­තාව සහතික කරන්න -එ.ජා. මානව හිමි­කම් කොමි­සම පාකි­ස්තා­න­යට කියයි

 පාකි­ස්තා­නයේ හිටපු අග­මැති ඉම්රාන් ඛාන් ඉතා අමා­නු­ෂික හුදෙ­කලා සිර­ගත කිරී­ම­කට ලක් කැර ඇතැයි පළවන තොර­තු­රු­වල නිර­ව­ද්‍ය­තාව සහ­තික කරන ලෙස වධහිංසා පිළි­බඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝ­ජිත ඇලිස් ජිල් එඩ්වර්ඩ්ස් එරට රජ­යෙන් ඉල්ලී­මක් කැර තිබේ.

 නිවේ­ද­න­යක් නිකුත් කර­මින් එක්සත් ජාතීන්ගේ මානව හිමි­කම් කොමි­සම සඳ­හන් කැර ඇත්තේ හිටපු අග­මැ­ති­ව­ර­යාගේ රැඳ­වුම් කොන්දේසි ජාත්‍ය­න්තර සම්ම­ත­යන් සහ ප්‍රමි­තීන්ට සම්පූ­ර්ණ­යෙන්ම අනු­කූල විය යුතු බවයි.

වසර 2023 සැප්තැ­ම්බ­ර­යේදී රාව­ල්පිණ්ඩි නුවර අඩි­යාලා බන්ධ­නා­ගා­ර­යට මාරු කිරී­මෙන් පසු ඉම්රාන් ඛාන් දින­කට පැය 23ක දීර්ඝ කාල­සී­මා­වක් හුදෙ­කලා වන ආකා­ර­යෙන් සිර­ගත කැර ඇති බව­ටත්, බාහිර ලෝකය සමඟ සම්බ­න්ධතා පැවැ­ත්වීම බර­ප­තළ ලෙස සීමා කැර ඇති බව­ටත් තොර­තුරු  අනාවරණය වන බව වධහිංසා පිළි­බඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝ­ජි­ත­ව­රිය වැඩි­දු­ර­ටත් ප්‍රකාශ කැර තිබේ.

ජාත්‍ය­න්තර මානව හිමි­කම් නීතිය යටතේ දීර්ඝ හෝ අවි­නි­ශ්චිත කාල­සී­මා­ව­කට හුදෙ­කලා සිර­ගත කිරීම තහ­නම් බව ද ඇය පාකි­ස්තාන රජ­යට පෙන්වා දී තිබේ. දින 15කට අධික කාල­යක් එලෙස සිදු­වන්නේ නම් එය මාන­සික වධ­හිංසා පමු­ණු­වී­මක් ලෙස සැල­කෙන බැවින් ඔහුගේ හුදෙ­කලා සිරදඬු­වම වහාම ඉවත් කරන ලෙස වධහිංසා පිළි­බඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝ­ජි­ත­ව­රිය පාකි­ස්තාන රජ­යට දැනුම් දී තිබේ.

(දිනමිණ ඇසුරෙන්)

Follow by Email
LinkedIn
Share
WhatsApp