Impartial news reporting for a stronger democratic society
හිර ගෙදර ඉන්න ඉම්රාන්ට සහ බිරියට තවත් වසර 17ක සිරදඬුවමක් !

 දැනට බන්ධනාගාර ගතව  සිටින පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට සහ ඔහුගේ බිරියට වසර 17 බැගින් සිරදඬුවම්  පසුගිය දා නියම කෙළේය.

මෙම නඩුව 2024 ජූලි මාසයේදී ගොනු කරන ලද අතර, එය පදනම් වූයේ මිල අධික ඔරලෝසු මෙන්ම දියමන්ති සහ රන් ආභරණ කට්ටල ඇතුළු වටිනා භාණ්ඩ  හිටපු අගමැතිවරයා සහ ඔහුගේ බිරිය රාජ්‍ය තෑගි ගබඩාව වන ටොෂකානා හි තැන්පත් නොකර විකුණා ඇති බවට එල්ල වන චෝදනා  පදනම් කැර ගනිමීනි.

ඒ් අනුව ඉම්රාන් ඛාන්ට සහ ඔහුගේ බිරියට එරෙහිව ගොනුකර ඇති ටොෂකානා දූෂණ නඩුවේදී  පාකිස්තාන  වගවීමේ අධිකරණය මෙම සිරදඩුවම නියම කැර ඇත.

2021 දී සෞදි රජයෙන් ඔවුන්ට හිමිවූ බව කියන රාජ්‍ය ත්‍යාග වංචා කළ බව පවසමින් මෙම නඩුව ගොනු කැර තිබ්ණි.

රාවල්පින්ඩි හි අධිආරක්ෂිත ආඩියාලා බන්ධනාගාරයේදී නඩුවේ තීන්දුව විශේෂ අධිකරණ විනිසුරු ෂාරුක් අර්ජුමාන්ඩ්  පසුගිය දා ප්‍රකාශයට පත් කෙළේය.

පාකිස්තාන දණ්ඩ නීති සංග්‍රහයේ 409 වගන්තිය (සාපරාධී විශ්වාසය කඩ කිරීම) යටතේ ඛාන් සහ බුෂ්රාට වසර 10 ක දැඩි සිරදඬුවමක් සහ දූෂණ වැළැක්වීමේ පනතේ විවිධ වගන්ති යටතේ වසර හතක් ගෙවෙන ලෙස දැඩි සිරදඬුවමක් නියම කැර ඇත.

අධිකරණය ඔවුන්ගෙන් එක් අයෙකුට පාකිස්ථානු රුපියල් මිලියන 16.4 ක දඩයක් ද නියම කෙළේය.

Cyber World Press- Rawalpindi

Follow by Email
LinkedIn
Share
WhatsApp