Impartial news reporting for a stronger democratic society
නව වසර උදාවේදී ලොස් ඇන්ජලිස් නුවරට ත්‍රස්ත ප්‍රහාරයක් සැලසුම් කරලා ! සැකකරුවෝ 5ක් අත්අඩංගුවට

අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර ඉලක්ක කරමින් නව වසර උදාවේදී බෝම්බ ප්‍රහාරයක් සැලසුම් කළ බව කියන අන්තවාදී සංවිධානයක සාමාජිකයන් සිවුදෙනකු අත්අඩංගුවට ගත් බව එෆ්බීඅයි විමර්ශන නිලධාරින් ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය  සඳහාන්   කරයි.

එෆ්බීඅයි විමර්ශන ඒකකයට ලැබුණු බුද්ධි තොරතුරු මත එම ප්‍රහාරය අනාවරණය වී ඇති අතර, අත්අඩංගුවට ගත් සැකකරුවන් පලස්තීන හිතවාදී සංවිධානයක සාමාජිකයන් බවද වැඩිදුරටත්  සඳහාන් වේ.

නව වසර උදාවෙද්දී ලොස් ඇන්ජලීස් නගරයේ ස්ථාන 5ක බෝම්බ ප්‍රහාර සිදු කිරීමට සැලසුම් කැර ඇති බව මූලික විමර්ශනයේදී අනාවරණය වී ඇතැයි සඳහාන් වේ.

එම සැකකරුවන් අත්අඩංගුවට පත් වී ඇත්තේ ලොස් ඇන්ජලීස් නුවර පිහිටි ලූසර්න් ප්‍රදේශයේදී ප්‍රහාරයට යොදා ගැනීමට නියමිතව තිබූ පුපුරන ද්‍රව්‍ය අත්හදා බැලීමට සුදානම් වෙමින් සිටියදී බවත්, ප්‍රහාරය සැලසුම් කළ තවත් සැකකරුවකු නිව් ඕලන්ස් ප්‍රදේශයේදී අත්අඩංගුවට පත්වූ බවත් එෆ්බීඅයි සංවිධානය ප්‍රකාශ කර තිබේ.

Follow by Email
LinkedIn
Share
WhatsApp