
දිට්වා සුළි කුණාටුවෙන් පිඩාවට ලක් වූ මහනුවර, බදුල්ල සහ කෑගල්ල යන ප්‍රදේශවල නිවෙස්වලට අවශ්‍ය මුළුතැන්ගෙයි කට්ටල , සේදුම් කට්ටල සහ ඇඳ ඇතිරිලි කට්ටල ඇතුළුව නවාතැන් කට්ටල 615ක් ලබා දීමට ජාත්‍යන්තර සංක්‍රමණ සංවිධානය (IOM) හරහා ජපාන රජය කටයුතු කැර ඇත.
අමෙරිකානු ඩොලර් මිලියන 1ක වටිනාකමක් ඇති මෙම නවාතැන් කට්ටල තොගය, ශ්‍රී ලංකාවේ ජපන් තානාපති අකියෝ ඉසෝමාටා, ජාත්‍යන්තර සංක්‍රමණ සංවිධානයේ (IOM) ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී ක්‍රිස්ටින් පාර්කෝ යන මහත්ම මහත්මින් අද (19) ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ (DMC) අධ්‍යක්ෂ (සූදානම් වීම) චතුර ලියනාරච්චි මහතා වෙත භාර දී ඇත.
පසුගිය දා (16) එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධිත ජාත්‍යන්තර සංක්‍රමණ සංවිධානය , ලෝක ආහාර වැඩසටහන (WFP) සහ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) සමඟ හවුල්කාරිත්වයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 2.5 ක හදිසි ප්‍රදානයක් සිදු කැර ඇත.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ (DMC) පසුගිය දෙසැම්බර් 17 වැනි දින නිතුත් කළ තත්ව වාර්තාවට අනුව, පුද්ගලයන් 66,000 කට වැඩි පිරිසක් සහ පවුල් 22,000 කට වැඩි පිරිසක් තවමත් තමන්ගේ ම නිවාස නොමැතිව ආරක්ෂිත මධ්‍යස්ථානවල රැදී සිටිති. ඊට අමතරව, නිවාස 100,000 කට වැඩි ප්‍රමාණයක් අර්ධ වශයෙන් හානි වී ඇති අතර, නිවාස 6,000 කට වැඩි ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත. මෙම ආධාර මඟින් නිවාස අහිමි වූවන්ට නවාතැන් සැපයීමට සහ ඔවුන්ගේ හදිසි ජීවන අවශ්‍යතා සපුරාලීමට මේ මඟින් අපේක්ෂා කෙරේ.
ශ්‍රී ලංකාවේ ජපන් තානාපති අකියෝ ඉසෝමාටා මහතා අදහස් දැක්වමින් කියා සිටියේ, මේ ජනතාවගේ එදිනෙදා ජීවිතයේ අත්‍යවශ්‍ය අවශ්‍යතාවල කොටසක් ලෙස අවතැන් වූවන්ට ආරක්ෂිත ජීවන ඉඩක් සැපයීමේ හදිසි අවශ්‍යතාවයක් තවමත් පවතිනවා. මෙම ආධාර ජපානය සහ ශ්‍රී ලංකාව අතර විශ්වාසයේ සහ මිත්‍රත්වයේ ශක්තිමත් බැඳීම පිළිබිඹු කරනවා.අවශ්‍යතා ඇති අවස්ථාවලදී ශ්‍රී ලංකා ජනතාවට සහාය දැක්වීමට ජපානය නොසැලෙන කැපවීමෙන් කටයුතු කරනවා. මෙම දුෂ්කර කාල පරිච්ඡේදයට මුහුණ දෙන විට ජපානය ශ්‍රී ලංකා ජනතාව සමඟ පූර්ණ සහයෝගීතාවයෙන් සිටීම වැදගත් කටයුත්තක් ලෙස හැඳින් විය හැකි.
චන්දන විජේකෝන්
