
මේ වන විට ඊසාන දිග මෝසම සක්‍රිය වීම හේතුවෙන් දිවයිනේ බොහෝ තැන්වලට මේ වන විට නැවතත් වැසි ඇද හැලීමට පටන්ගෙන ඇත. වැසි තත්ත්වය හේතුවෙන් වික්ටෝරියා – රන්දෙණිගල, රන්ටැඹේ සහ නාච්චාදූව ජලාශ ඊයේ දින වාන් දමමින් පැවතිනි. මෙයට අමතරව මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු අංක 3 ඊයේ (18) රාත්‍රියේ විවෘත කළ අතර , එය පැයට තත්පරයට ඝන අඩි 1500ක් ක්‍රමානුකුලව අදියරයෙන් අදියර අඹන් ගගට මුදා හැරීමට කටයුතු කර ඇති බව කාර්යභාර ඉංජිනේරුවරයා පැවසීය.
