
අමෙරිකාවේ වොෂින්ටන් ප්‍රාන්ත නගරයට ගංවතුර තත්ත්වයක් උදා වී ඇතැයි විදෙස් මාධ්‍ය සඳහාන් කරයි.
පෙරේදා වනවිට වොෂින්ටන් ප්‍රාන්තයේ ප්‍රදේශ රැසක නිවාස සහ ගොඩනැඟිලි ජලයෙන් යටවී ඇති අතර, ප්‍රාන්තයේ දිස්ත්‍රික්ක 16කට ආධාර සැපයීමට අවසර දෙමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළ බව ආණ්ඩුකාර බොබ් ෆර්ගියුසන් නිවේදනය කැර තිබේ.
මෙවර ගංවතුර තත්ත්වය අතිශයින්ම දරුණු බවත්, ඉදිරි දින කිහිපය තීරණාත්මක බවත් ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් සඳහන් කර ඇතැයි වාර්තා වේ. වොෂින්ටනයේ කිංග් දිස්ත්‍රික්කයේ පිහිටි ඩෙසිමොන් වේල්ල වර්ෂාව හේතුවෙන් පිටාර ගැලීමට පටන්ගෙන ඇති බවත්, ඒ අවට ප්‍රදේශ 3ක ජනතාවට වහාම ඉවත්වන ලෙස නියෝග නිකුත් කැර ඇති බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහාන් කරයි. පනස්දහසකට ආසන්න ජනතාව පදිංචි වී සිටින එම ප්‍රදේශවලට හදිසි ගංවතුර තත්ත්වයක් හටගනු ඇතැයි අමෙරිකාවේ ජාතික කාලගුණ විද්‍යා සේවය අනතුරු අඟවා ඇතැයි ද වාර්තා වේ. ගංවතුරෙන් ආපදාවට පත්වූවන් මුදා ගැනීම සඳහා වොෂින්ටන් ජාතික ආරක්ෂක බළකායේ සෙබළුන් ද යොදවා ඇති අතර, හෙලිකොප්ටර් යානා දෙකක් ද එම ප්‍රදේශයේ ගංවතුර තත්ත්වය නිරීක්ෂණයට කැඳවා ඇත.
