
පාදුක්ක පොලීසිය සිදු කළ මෙහෙයුමකදී යුද හමුදා කමාන්ඩෝ රෙජිමේන්තුවේ සක්‍රිය සේවයේ යෙදී සිටින සෙබළෙක් ඇතුළු පුද්ගලයන් සිව් දෙනෙකු, රුපියල් කෝටි 2ක් පමණ වටිනා අයිස් ග්‍රෑම් 167 මිලිග්‍රෑම් 20ක් සමඟ ඊයේ ( 14) අත්අඩංගුවට ගෙන ඇත.
පාදුක්ක පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ නිලධාරීන් කණ්ඩායමක් පසුගිය 12 වැනි දි ලියන්වල ප්‍රදේශයේ සැකකටයුතු පුද්ගලයෙක් පරීක්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබී අයිස් මිලිග්‍රෑම් 5100ක් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කිරීමේදී, මොහු මීට ඉහතදී තවත් පුද්ගලයෙක් සමඟ යතුරුපැදියක ගමන් කරමින් සිටියදී හෝමාගම පොලිස් ස්ථානයේ සේවය කැර විශ්‍රාම ගිය කාන්තා පොලිස් පරීක්ෂක නිලධාරිනියක් ගෙල බැඳි පවුම් 6 හමාරක පමණ රන්මාලයක් කඩාගෙන ගොස් ඇති බව පොලීසිය අනාවරණය කැර ගෙන ඇත.
මෙලෙස රන්මාලය කඩාගත් යතුරුපැදියේ පිටුපස ගමන් කළ පුද්ගලයා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ලබාගත් තොරතුරු මත, එම පුද්ගලයාද අයිස් ග්‍රෑම් 7 මිලිග්‍රෑම් 200ක් පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් මෙම සැකකරුට අයිස් මත්ද්‍රව්‍ය ලැබුණු ආකාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේදී, මීගොඩ පොලිස් වසමේ සමනලතැන්න ප්‍රදේශයේ නිවෙසක පදිංචි පුද්ගලයකු තමන්ට අයිස් මත්ද්‍රව්‍ය ලබා දෙන බවට සැකකරුගේ ප්‍රකාශ අනුව පොලීසිය අනාවරණය කැර ගෙන ඇත.
ඒ අනුව පොලිස් නිලධාරීන් එදිනම සමනලතැන්න ප්‍රදේශය අදාළ නිවෙස පරීක්ෂා කිරීමේදී, කුලී පදනම මත එම නිවෙසේ පදිංචිව සිටි යුද හමුදා කමාන්ඩෝ රෙජිමේන්තුවේ සක්‍රිය සේවයේ යෙදී සිටින සෙබළෙක් අයිස් ග්‍රෑම් 50ක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුට අයිස් මත්ද්‍රව්‍ය ලැබෙන ආකාරය ගැන විමර්ශනය කිරීමේදී, මෝටර් රථයකින් පැමිණෙන පුද්ගලයෙක් තමන්ට අයිස් මත්ද්‍රව්‍යය ලබා දෙන බවට සැකකරුගේ ප්‍රකාශ මත පොලීසිය තහවුරු කැර ගෙන ඇත.
ඒ අනුව පොලිස් නිලධාරීන් කණ්ඩායම තවදුරටත් විමර්ශනය කිරීමේදී, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ මෝටර් රථය රියැදුරු සමඟ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී මෝටර් රථයේ සිටි පුද්ගලයෙකු සන්තකයේ තිබී අයිස් ග්‍රෑම් 110ක් අත්අඩංගුවට ගෙන ඇත.
මොවුන්ගෙන් ප්‍රශ්න කිරීමේදී මෝටර් රථයේ ගමන් කළ පුද්ගලයකු සහ මෙදිනම අයිස් ග්‍රෑම් 7 මිලිග්‍රෑම් 200ක් සමඟ අත්අඩංගුවට ගත් පුද්ගලයාද එක්ව හෝමාගම, මොරගහහේන, මිරිහාන, සහ පාදුක්ක යන ප්‍රදේශවල රන්මාල කැඩීම සිදු කැර ඇති බවට පොලීසිය විසින් සැකකරුවන්ගේ ප්‍රකාශ මඟින් පොලීසිය අනාවරණය කරගෙන ඇත.
(පාදුක්ක සමූහ – රෙක්සි වෙත්තසිංහ ,දිනමිණට ලියන ලද ප්‍රවෘතියක් ඇසුරෙන් )
