Impartial news reporting for a stronger democratic society
අපරාධකරුවකුගේ සමීපතමයකු ටී 56ක් සමඟ අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවකුගේ සමීපතමයකු බව කියන පුද්ගලයකු අද (15) ටී 56 ක් සහ පතරොම් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකාර 64 හැවිරිදි පුද්ගලයා  ඇල්පිටිය, සාදමුල්ල ප්‍රදේශයේදී අම්පාර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය  මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

නැඟෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා වෙත ලැබුණ තොරතුරක් මත මෙම වැටලීම සිදු කැර  ඇත.

එහිදි ඔහු සන්තකයේ තිබී ටී 56 වර්ගයේ ගිනි අවියක්, මැගසින් 02ක් සහ පතරොම් 45ක් සොයාගත් බව පොලිසිය සදහන් කරයි.

අදාළ ගිනිඅවි උපයෝගි කැර ගෙන මනුෂ්‍ය ඝාතන කිහිපයක් සිදුකිරීමට ද සැකකරු සූදානමින් සිට ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී තිබේ..

Follow by Email
LinkedIn
Share
WhatsApp