Impartial news reporting for a stronger democratic society
සිඩ්නි නුවර Bondi වෙරළ අසළ වෙඩි තැබීමේ සිද්ධියෙන් 16ක් මිය යයි – 29කට බරලතළ තුවාල

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර Bondi වෙරළ ආසන්නයේ සිදු වූ වෙඩි තැබීමේ සිද්ධිය ‘ත්‍රස්තවාදී සිද්ධියක්’ ලෙස ඔස්ට්‍රේලියා රජය නිල වශයෙන් ප්‍රකාශයට පත් කැර තිබෙනවා.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැති ක්‍රිස් මින්ස් ප්‍රකාශ කළේ, මෙම ප්‍රහාරයෙන් එක් අපරාධකරුවකු ඇතුළු අවම වශයෙන් පුද්ගලයන් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
එසේම තුවාල ලැබූ 29 දෙනෙක් රෝහල් ගත කැර ඇති බවත්, ඔවුන් අතර පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ද සිටින අතර ඔවුන්ගේ තත්ත්වය බරපතල වන බවත් සඳහන්ය.
අනෙක් අපරාධකරු ද බරපතල තත්ත්වයෙන් රෝහල් ගත කැර  ඇති බවත් සඳහාන්ය.
නිව් සවුත් වේල්ස් පොලිස් කොමසාරිස් මැල් ලැනියන් (Mal Lanyon) ප්‍රකාශ කළේ, පොලිසිය මෙම සිද්ධියට සම්බන්ධ තෙවැනි අපරාධකරුවකු සිටීද යන්න පිළිබඳව විමර්ශන සිදු කරන බවයි.

Follow by Email
LinkedIn
Share
WhatsApp