Impartial news reporting for a stronger democratic society
ගුවනින් ගෙනා හය කෝටි අනූ දෙල­ක්ෂ­යක කුඩු පිට­ක­රන්න හැදූ ගුවන් මගියා දැලේ

රුපි­යල් හය කෝටි අනූ දෙලක්ෂ හත­ළිස් දහ­සක් වටිනා හෙරො­යින් මත්ද්‍රව්‍ය තොග­යක් මෙර­ටට රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගි­යෙක් ඊයේ (14 ) අලු­යම කටු­නා­යක ගුව­න්තො­ටු­පො­ළෙන් පිටතට ගෙන යද්දී ගුවන් තොටු­පොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාං­ශයේ නිල­ධා­රීන් ඔහුව අත්අ­ඩං­ගු­වට  ගෙන ඇත.

මොහු රඹු­ක්කන, හේවා­දි­වෙල ප්‍රදේ­ශයේ පදිංචි 28 හැවි­රිදි දුර­ක­තන අලු­ත්වැ­ඩියා කර­න්නෙකි.

මැලේ­සි­යාවේ ක්වාලා­ල­ම්පූර් නුවර සිට එයාර් ඒෂියා ගුවන් සේවයේ ඒ.කේ.- 047 දරන ගුවන් යාන­යෙන් කටු­නා­යක ගුව­න්තො­ටු­පොළ වෙත මොහු පැමිණ තිබුණි.

ඔහු විසින් රැගෙන ආ ගමන් මල්ල තුළ ව්‍යාජ පතු­ලක සඟ­වා­ගෙන මෙම හෙරො­යින් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 02යි ග්‍රෑම් 308ක ප්‍රමා­ණය රැගෙන  විත් තිබේ.

මෙසේ අත්අ­ඩං­ගු­වට ගත් ගුවන් මගියා සහ ඔහු විසින් රැගෙන ආ හෙරො­යින් මත්ද්‍රව්‍ය තොගය මීග­මුව මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණය වෙත ඉදි­රි­පත් කැර රඳවා ගැනීමේ නියෝගය මත මේ පිළි­බඳ වැඩි­දුර විම­ර්ශන  සිදු කරයි.

Follow by Email
LinkedIn
Share
WhatsApp