Impartial news reporting for a stronger democratic society
දිට්වා සුළි කුණාටුවත් සමඟ බිත්තර නිෂ්පාදනය 30% කින් පහත වැටි තිබෙනවා — සමස්ත ලංකා කුකුළු මස් සංගමයේ සභාපති කියයි

දිට්වා සුළි කුණාටුවත් සමඟ කුකුළු ගොවි පොළවල්වල කුකුළන් 500,000 ක් පමණ මිය ගිය බවත්, ශ්‍රී ලංකාවේ දෛනික බිත්තර නිෂ්පාදනය සියයට 30 කින් පමණ පහත වැටී ඇති බව සමස්ත ලංකා කුකුළු මස් සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා පවසයි.

ඔහු තවදුරටත් පවසන්නේ,ශ්‍රී ලංකාවේ බිත්තර 900,000 ක් පමණ පරිභෝජනය කරන වා.නමුත්, මෑතකදී නිෂ්පාදනය 1,100,000 ක් දක්වා ඉහළ  ගියා. එමඟින් මිල පහත වැටීමක් සිදු වුණා. නිෂ්පාදනයේ ඉහළ මට්ටම හේතුවෙන්. කුණාටුවට පෙර සිල්ලර බිත්තර මිල ප්‍රමාණය අනුව රුපියල් 22 සිට 25 දක්වා 28 ක් වූ අතර ගොවිපොළ මිල රුපියල් 21 සිට 22 ක් වුණා.

ආනයන පාලනය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ඉහළ බඩ ඉරිඟු මිල ගණන්, බිත්තර නිෂ්පාදනයේ පිරිවැය රුපියල් 28 ක් ලෙස ගණන් බලා තිබෙනවා. දැන් බිත්තර මිල රුපියල් 43 සිට 45 දක්වා ඉහළ ගොස්  තිබෙනවා.

 ඇති වූ ගංවතුර හේතුවෙන් ගොවිපොළවලට ආහාර සැපයීම අඩාල විය. බිත්තර අඩු කිරීමෙන් ආහාර අඩු වූ විට කැල්සියම් ඉතිරි කර ගැනීමට කුකුළාගේ ශරීරය ස්වයංක්‍රීයව අනුගත වේ. විදුලිය විසන්ධි වූ විට ඒවා බිත්තර දැමීමද අඩු  වෙනවා.

බිත්තර යම් අතිරික්ත නිෂ්පාදනයක් පැවතුනා. නමුත්, දේශීය සංචාරක ව්‍යාපාරය නතර වීමත් සමඟ බොහෝ සිදුවීම් ද නතර වී ඉල්ලුම අඩු වී  තිබෙනවා. දිනක් වයසැති කුකුළු පැටවකුගේ මිල රුපියල් 400 සිට රුපියල් 450 දක්වාත් බ්‍රොයිලර් කුකුළන් සඳහා රුපියල් 275 සිට රුපියල් 350 දක්වා  වැඩි වී තිබෙන බව ගුණසේකර මහතා පැවසීය.

ඉහළ මිල ගණන් අමතර ආදායමක් ලබා දෙනවා. නමුත් දැන් බඩ ඉරිඟු මිල කිලෝග්‍රෑමයකට රුපියල් 200 දක්වා ඉහළ ගොස් තිබෙනවා. (ආනයනික බඩ ඉරිඟු කිලෝවකට රුපියල් 120 ක් පමණ වන බදු සමඟ සසඳන විට)

ගංවතුර හේතුවෙන් බ්‍රොයිලර් කුකුළන් මිලියන 1.4 ත් 1.5 ත් අතර ප්‍රමාණයක් මිය ගොස් තිබෙනවා. බ්‍රොයිලර් කුකුළන්ට දින 35 ක පමණ කෙටි චක්‍රයක්  තමයි තිබෙන්නේ. මේ අතර තමයි,ශ්‍රී ලංකා  ආණ්ඩුව ගොවිපොළකට රුපියල් 200,000 ක පමණ වන්දි මුදලක් ප්‍රකාශයට පත් කර  තිබෙන්නේ.

Follow by Email
LinkedIn
Share
WhatsApp