Impartial news reporting for a stronger democratic society
ජපා­න­යට ‘මෙගා’ භූ ක­ම්පන අව­දා­න­මක් ! 90,000ක් නිවෙස්වලින් ඉවත් කරති – කාලගුණ විද්‍යා ඒජ­න්සිය අන­තුරු අඟ­වයි ­

ජපානයේ උතුරු සහ නැඟෙනහිර  ප්‍රදේශවලට  ඇති වූ රිච්ටර් මාප­කයේ 7.5ක අග­ය­කින් යුතු භූ ක­ම්ප­න­යත් සමඟ ඉදිරි දින කිහි­පය ඇතු­ළත දැවැන්ත භූ ක­ම්ප­න­යක් සිදු­වීමේ අව­දා­න­මක් ඇති විය හැකි බවත් .90,000කට වැඩි පිරිසක් සුනාමි අනතුරු ඇඟවීම් හේතුවෙන් සිය නිවෙස්වලින් ඉවත් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ.

 ජපාන ඉති­හා­සයේ දරු­ණු­තම භූ ක­ම්ප­නය ලෙස සැල­කෙන 2011 මාර්තුවේ ඊසා­න­දිග ජපා­න­යෙ­හිම සන්රිකු කලා­පයේ සිදු වූ 9.0ක භූ ක­ම්ප­නය සහ අන­තු­රුව ජීවිත විසි­ද­හ­ස­කට ආසන්න සංඛ්‍යා­වක් බිලි­ගත් සුනාමි ව්‍යස­න­යට දින දෙක­කට පෙර ද එම කලා­ප­යට රිච්ටර් මාප­කයේ 7.3ක භුක­ම්ප­න­යක් සිදු වී ඇත., එරට කාල­ගුණ විද්‍යා ඒජ­න්සි­යට අනුව හොක­යිඩෝ සහ සන්රිකු කලා­ප­වල මුහුදු සීමාවේ ඇති­වන රිච්ටර් මාප­කයේ 7.0ක් හෝ ඊට වැඩි භූ ක­ම්ප­න­ය­කින් පසු අති­වි­ශාල භූ ක­ම්ප­න­යක් සිදු වීමට ඉහළ සම්භා­වි­තා­වක් පව­තින බව සඳහාන් වේ.

 කාල­ගුණ විද්‍යා ඒජ­න්සියේ අන­තුරු ඇඟ­වීම් සැල­කි­ල්ලට ගෙන ජපාන රජය ඊයේ භූකම්පා උප­දේ­ශ­මා­ලා­වක් නිකුත් කර ඇති අතර, වසර 2022 දෙසැ­ම්බ­ර­යේදී භූ ක­ම්පන උප­දේ­ශන ක්‍රම­වේ­දය හඳු­න්වා­දී­මෙන් පසු එය ක්‍රියා­ත්මක කළ පළමු අව­ස්ථාව මෙය බව ද  සඳහාන් වේ.

හොක­යිඩෝ සිට චිබා ප්‍රාන්ත දක්වා පරි­පා­ලන ප්‍රදේශ 182ක් ආව­ර­ණය වන පරිදි එම උප­දේ­ශ ­මා­ලාව නිකුත් කැර ඇති අතර, පරි­පා­ලන ප්‍රදේ­ශ­වල පදිං­චි­ක­රු­වන්ට රාත්‍රී කාල­යේදී පවා නිවෙ­සින් ඉව­ත්වී­මට, හදිසි අව­ස්ථා­ව­කට මුහු­ණ­දී­මට, භූ ක­ම්පන හේතු­වෙන් සිදු­වන නිවාස සහ ගොඩ­නැ­ඟිලි කඩා වැටීම් සඳහා සූදා­න­මින් සිටින ලෙසත් දැනුම් දී තිබේ.

පෙරේදා රාත්‍රී ජපාන වේලා­වෙන් 11.15ට පමණ ඊසාන දිග ජපා­නයේ අඕ­මෝරි ප්‍රාන්තයේ වෙරළේ සිට කිලෝ­මී­ටර් 80ක දුරින් මුහුදු තීරයේ එම භූ ක­ම්ප­නය සිදු වී ඇති අතර, ඉන් හොක­යිඩෝ සහ සන්රිකූ කලා­ප­ව­ලට දැඩි බල­පෑම් එල්ල වූ බව ජපාන මාධ්‍ය වැඩි­දු­ර­ටත්  සඳහාන් කරයි. භු කම්ප­නයේ බල­පෑම් හේතු­වෙන් අවම වශ­යෙන් පුද්ග­ල­යන් 30 දෙනකු තුවාල ලබා ඇති අතර, ගොඩ­නැ­ඟිලි සහ නිවාස රැස­කට හානි සිදුවී තිබේ.

භූ කම්ප­න­යෙන් පසු වෙරළ ආශ්‍රිත ප්‍රදේ­ශ­වල පදිං­චිව සිටි පුද්ග­ල­යන් 90,000ක් කඩි­න­මින් ඉවත් කිරී­මට කලාප බල­ධා­රින් පිය­වර ගත් බව වාර්තා වේ. භූ ක­ම්ප­නයේ බල­පෑම් හේතු­වෙන් සුනාමි තත්ත්ව­යක අව­දා­න­මක් පව­තින බව සඳ­හන් කර­මින් ඊට මොහො­ත­කට පසු එරට කාල­ගුණ විද්‍යා ඒජ­න්සිය අන­තුරු ඇඟ­වීම් නිකුත් කළ අතර, නැඟෙ­න­හිර සහ ඊසා­න­දිග කලා­පයේ සියලු දුම්රිය මාර්ග අත්හි­ටු­වී­මට ද බල­ධා­රීන් පිය­වර ගත් බව සඳහාන්ය. පැය කිහි­ප­ය­කට පසු සුනාමි අන­තුරු ඇඟ­වීම අව­ලංගු කැර ඇති අතර, ප්‍රච­ණ්ඩ­කාරී මුහුදු රැලි අඩි දෙක­හ­මා­රක ඉහ­ළින් ඊසා­න­දිග වෙරළ තීර­යට කඩා වැදුණු  ඇත.

( දිනමිණ ඇසුරෙන්)

Follow by Email
LinkedIn
Share
WhatsApp