Impartial news reporting for a stronger democratic society
කොංගෝවේ බෝම්බ පිපිරීමකින් 30කට වැඩි පිරිසක් මරුට ! 20කට තුවාල

නැඟෙනහිර කොංගෝවේ බෝම්බ පිපිරීමකින් පුද්ගලයින් 30කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, පුද්ගලයන් 20 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය සඳහාන් කරයි.

රාජ්‍ය විරෝධී කැරලිකරුවන් සහ එරට ආරක්ෂක අංශ අතර පැවති ගැටුම් අතරතුර මෙම පිපිරීම සිදුව ඇති බව සඳහන් ය.

නැඟෙනහිර කොංගෝවේ විරෝධතාවල නිරත වූ කැරලිකරුවන් 100ක පමණ පිරිසක් එරට ආරක්ෂක අංශ මඟින් අත්අඩංගුවට ගෙන ඇති බව ද විදෙස් මාධ්‍ය වැඩිදුර  පෙන්වා දෙයි.

කොංගෝ සන්නද්ධ හමුදා සහ M23 කැරලිකරුවන් අතර සටන් අවසන් කිරීම සඳහා වොෂින්ටනයේදී එක්සත් ජනපදයේ මැදිහත් වීමෙන් සාම ගිවිසුමක් අවසන් කිරීමෙන් සතියකටත් අඩු කාලයකදී මෙම මාරාන්තික පිපිරීම සිදු ඇති බව විදෙස් මාධ්‍ය සඳහාන් කරයි.

Follow by Email
LinkedIn
Share
WhatsApp