Impartial news reporting for a stronger democratic society
ජපාන භු කම්පනයෙන් 30කට වැඩියෙන් තුවාල – ප්‍රබල පසු කම්පනයක් ඇති විය හැකි බවට අනාවරණයක්

ජපානයේ උතුරු සහ නැඟෙනහිර  ප්‍රදේශවලට ඇති වූ රික්ටර් මාපකයේ 7.5 ක භූ කම්පනයෙන් අවම පුද්ගලයන් 30 දෙනෙකුට වැඩි ප්‍රමානයක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය  සඳහාන් කරයි.

ඊයේ (08) ජපානයේ අමෝරි  ප්‍රාන්තයේ වෙරළට කිලෝමීටර 80 ක් පමණ දුරින් කිලෝමීටර 50 ක් ගැඹුරින් මෙම ප්‍රබල භූ කම්පනයන් හටගත් බව සඳහාන්ය.

භූමිකම්පාව ඇති වූ හොක්කයිඩෝ, අමෝරි සහ ඉවාටේ ප්‍රාන්ත සඳහා සුනාමි අනතුරු ඇඟවීම් මේ වන විටත් නිකුත් කැර ඇත.


ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය සඳහන් කර ඇත්තේ, ජපානයේ ඊසානදිග වෙරළ තීරයට මීටර් තුනක් උස සුනාමි රළ ඇති වූ බවයි.සුනාමි අනතුරු ඇඟවීම් නිවේදන ද නිකුත්  කිරීමෙන් පසු එම ප්‍රදේශයේ දහස් ගණනක් ජනතාව නිවාස අතහැර ආරක්ෂිත ස්ථාන වෙත ගොස් ඇති බව විදෙස් මාධ්‍ය සඳහාන් කරයි.

තවදුරටත් විදේශ මාධ්‍ය සඳහාන්  කරන්නේ, සුනාමිය  නිසා  මුහුදු රළ ගොඩබිමට පැමිණියත් කිසිවෙකුට  ජීවිත හානි සිදු වී  නැත බවයි.

ඇතැම් දුම්රිය සේවා අත්හිටුවීමට ද පියවර ගැණුනු අතර, නිවාස දහස් ගණනකට විදුලිය විසන්ධි කිරීමට ද පියවර ගෙන තිබූ බව සඳහාන්  වෙයි.

එසේම කාලගුණ බලධාරීන් අනතුරු අගවා ඇත්තේ ඉදිරි දිනවලදී ප්‍රබල කම්පනයක් සිදුවිය හැකි බවට අනුමාන කළ හැකි බවත් අවම වශයෙන් සතියක්වත් දැඩි අවධානයෙන් සිටින ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ය.

Follow by Email
LinkedIn
Share
WhatsApp