Impartial news reporting for a stronger democratic society
ජපාන භුකම්පනයෙන් ශ්‍රී ලංකාවට කිසිදු බලපෑමක් නැහැ – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි

ජපානයට ඊයේ (08)  සවස ඇති වූ රික්ටර් මාපක 7.6 ක ප්‍රබල භූමිකම්පාවෙන් ශ්‍රී ලංකාවට කිසිදු බලපෑමක් නැතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට අනුව, මෙම භූමිකම්පාව ශ්‍රී ලංකා වේලාවෙන් සවස 7.45 ට පමණ සිදු වූ අතර එමඟින් දිවයිනට සුනාමි හෝ වෙනත් බලපෑමක් ඇති වීමේ අවදානමක් නොමැති බව සඳහාන්ය.

මේ සම්බන්ධයෙන් මෙරට වැසියන් අනවශ්‍ය භීතියක් ඇති කැර නොගන්නා ලෙසත් ගෝලීය භූ කම්පන ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීම සහ අවශ්‍ය නම් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යාවත්කාලීන කිරීම් නිකුත් කිරීම් සිදු කරන බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.

Follow by Email
LinkedIn
Share
WhatsApp