Impartial news reporting for a stronger democratic society
ජපානයේ උතුරු හා නැඟෙනහිර ප්‍රදේශවලට 7.6ක භුකම්නයක් !

රික්ටර් මාපකයේ 7.6ක අගයකින් යුත් ප්‍රබල භූකම්පනයක් ඊයේ (08) ජපානයේ හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය සඳහාන් කරයි.

ජපානයේ උතුරු හා නැඟෙනහිර ප්‍රදේශවල භූමිකම්පාව ඇති වූ අතර, හොක්කයිඩෝ, අමෝරි සහ ඉවාටේ ප්‍රාන්ත සඳහා සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කැර තිබේ.

භූමිකම්පාවේ අපිකේන්ද්‍රය අමෝරි ප්‍රාන්තයේ වෙරළට කිලෝමීටර 80ක් ඔබ්බෙන්, කිලෝමීටර 50ක් ගැඹුරින් සිදු වූ බව සඳහාන් වෙයි.

ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය සඳහන් කර ඇත්තේ, ජපානයේ ඊසානදිග වෙරළ තීරයට මීටර් තුනක් උස සුනාමි රල ඇති විය හැකි බවයි.

මේ අතර ජපාන අගමැතිනි සනේ ටකයිචි මාධ්‍යවෙත කෙටියෙන් අදහස් දක්වමින් කියා සිට ඇත්තේ හානියේ තරම කඩිනමින් තක්සේරු කිරීම සඳහා රජය හදිසි කාර්ය සාධක බලකායක් පිහිටුවා ඇත.

“අපි ජනතාවගේ ජීවිතවලට මුල් තැන දෙමින් අපට කළ හැකි සෑම දෙයක්ම කරනවා,”  අගමැතිනිය වැඩිදුරටත් පවසා ඇතැයි සඳහන් වේ.

කලාපයේ න්‍යෂ්ටික බලාගාර ආරක්ෂක පරීක්ෂාවන් සිදු කරමින් සිටි බව ද විදෙස්  කියයි.

Follow by Email
LinkedIn
Share
WhatsApp