
ඊශ්‍රායල හිතවාදීයකු වු පලස්තීන සන්නද්ධ කණ්ඩායම් නායකයකු වන යසීර් අබු ෂහාබ්, හමාස් සංවිධානය විසින් ඝාතනය කැර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහාන් කරයි.
ඊශ්‍රායලයේ පාලනය යටතේ පවතින දකුණු ගාසා තීරයේ රෆා නුවර ස්ථානගත වී සිටි සිය නායකයා වෙඩි ප්‍රහාරයකින් මිය ගිය බව හමාස් විරෝධී සන්නද්ධ කණ්ඩායම නිවේදනය කැර ඇතැයි ද සඳහාන් වේ.
ගාසා යුද ගැටුම් අතරතුර හමාස් සංවිධානයට එරෙහිව නැඟී සිටි එම සන්නද්ධ කණ්ඩායම ඊශ්‍රායලය වෙනුවෙන් සහාය පළ කිරීම ඝාතනයට හේතු වී ඇතැයි ද වාර්තා වේ.
වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ සන්නද්ධ නායකයා ඊශ්‍රායල හමුදාව, රෆා නගරයෙන් ඉවතට රැගෙන ගොස් දකුණු ඊශ්‍රායලයේ රෝහල්ගත කැර ඇති අතර, ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
ඊශ්‍රායලය වෙනුවෙන් සහාය පළ කිරීම හේතුවෙන් හමාස් සංවිධානය ඔහු ඝාතනය කිරීමට නියෝග නිකුත් කැර තිබූ බව ද වාර්තා වේ.
