Impartial news reporting for a stronger democratic society
බලු­කි­ස්තාන බලධාරීන් අන්ත­ර්ජාල සබ­ඳතාවලට වැට බදී

නිරි­ත­දිග පාකි­ස්තා­නයේ බලු­කි­ස්තාන ප්‍රාන්තයේ නගර රැසකට අන්ත­ර්ජාල සබ­ඳතා අත්හි­ටු­වී­මට ප්‍රාන්ත බල­ධා­රීන් පිය­වර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය සඳහාන් කරයි.

ආර­ක්ෂාව තත්ත්වයන් සැල­කි­ල්ලට ගෙන බලු­කි­ස්තා­නයේ ක්වේටා අග­නු­වර ඇතුළු නගර රැස­කට මේ තහ­නම බලා­ත්මක කැර ඇත.  මේ තත්ත්වය හේතුවෙන් නග­ර­වා­සීන්ට සිය රාජ­කාරි කට­යුතු සඳහා මෙන්ම සිසු ­සි­සු­වි­යන්ට අධ්‍යා­ප­නික කට­යුතු සඳහා ද දැඩි බල­පෑම් එල්ල වී ඇතැයි  විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත්  සඳහාන් කරයි.

බලු­කි­ස්තාන සන්නද්ධ කණ්ඩා­යම් සහ රජයේ හමු­දාව අතර මෑතකාල මුළුල්ලේ උත්සන්න වූ ගැටුම් සහ පසු­ගිය සතියේ දිනක් ඇතු­ළත ආර­ක්ෂක අංශ ඉලක්ක කැර­ගත් බෝම්බ පිපි­රිමේ සිදු­වීම් 7ක් සමඟ එම ප්‍රාන්තයේ අන්ත­ර්ජාල සබ­ඳතා අත්හි­ටු­වී­මට හේතු වී ඇතැයි විදෙස් මාධ්‍ය සඳ­හන් කරයි.

එම ප්‍රහා­ර­ව­ලදී  හමුදා පිරිස් මිය ගිය අතර පොලිස්-  හමුදා ජංගම මුර සංචා­රක රථ රැසක් විනාශ වූ බව ද සඳහාන් වේ. ගැටුම් උත්සන්න වීම හේතු­වෙන් මීට පෙර අවස්ථා ගණ­නා­ව­ක­දීම බලු­කි­ස්තා­නයේ නගර රැසක අන්ත­ර්ජාල සබ­ඳතා කපා හැරී­මට ප්‍රාන්ත බල­ධාරීන් පිය­වර ගත් බව ද  සඳහාන් වෙයි.

Follow by Email
LinkedIn
Share
WhatsApp