Impartial news reporting for a stronger democratic society
අමෙරිකාව ප්‍රමුඛ බටහිරෙන් කුමන බාධක ආවත් ඉන්දි­යා­වට අඛ­ණ්ඩව තෙල් දෙනවා – – රුසි­යානු ජනා­ධි­පති ව්ලැදි­මීර් පුටින් නව­දිල්ලි නුව­රදී කියයි

අමෙරිකාව ප්‍රමුඛ බටහිරෙන් කුමන බාධක ආවත් ඉන්දි­යා­වට අඛ­ණ්ඩව තෙල් සැප­යී­මට සූදා­නම් බව රුසි­යානු ජනා­ධි­පති ව්ලැදි­මීර් පුටින් නව­දිල්ලි නුව­රදී ප්‍රකාශ කළ බව එරට මාධ්‍ය  සඳහාන් කරයි.

රුසි­යා­වෙන් තෙල් මිලදී ගැනීම හේතු­වෙන් අමෙ­රි­කානු ජනා­ධි­පති ඩොනල්ඩ් ට්‍රම්ප්  අති­රේක තීරු­බද්ධක් පැණවීමෙන්  මාස කිපයකට පසු රුසි­යානු ජනා­ධි­පති ව්ලැදි­මීර් පුටින් නව­දිල්ලි නුව­රදී   මෙම ප්‍රකාශය කිරීම  ජත්‍යන්තර දේශපාලනය තුළ සාකච්ඡාවට ලක්ව තිබේ.

ලොව වේග­යෙන්ම වර්ධ­නය වන ඉන්දීය ආර්ථි­කය සඳහා ස්ථාවර සැප­යු­ම්ක­රු­වකු ලෙස තව­දු­ර­ටත් කට­යුතු කරන බවත්, යුක්රේන යුද්ධ­යෙන් පසු පළ­මු­ව­රට රුසි­යානු ජනා­ධි­ප­ති­ව­රයා ඉන්දීයාවට පැමිණීම ජත්‍යන්තර මාධ්‍ය තුළ  වැඩි­දු­ර­ටත් සාකච්ඡාවට බදු වෙයි.

ඉන්දීය අග­මැති නරේන්ද්‍ර මෝදි සම්ප්‍ර­දා­යික පිළි­වෙත් පසෙකලා නව­දිල්ලි නුවර ගුව­න්තො­ටු­පො­ළට ගොස් රුසි­යානු ජනා­ධි­ප­ති­ව­රයා රතු පලස් මතින් පිළි­ගත් බවත්, පසුව එකම මෝටර් රථ­ය­කින් ඔහු අග­මැති නිල නිවෙ­සට කැටුව ගොස් පෞද්ග­ලික රාත්‍රී භෝජන සංග්‍ර­හ­යක් ද පිරි­නැමූ වූ බව ඉන්දීය මාධ්‍ය සඳ­හන් කරයි.

රාජ්‍ය නාය­ක­යන් දෙදෙනා අතර පැවති ද්විපා­ර්ශ්වික සාක­ච්ඡා­වේදී ඉන්දි­යාවේ සංව­ර්ධන ක්ෂේත්‍රය සම්බ­න්ධව වැඩි අව­ධා­න­යක් යොමු වී ඇති අතර, වසර 2030 දක්වා රුසි­යානු ආර්ථික සහ­යෝ­ගි­තාව අඛ­ණ්ඩව පව­ත්වා­ගෙන යෑමට එක­ඟ­තාව පළ කළ බව වාර්තා වේ. දෙරට අතර සමු­ද්‍රීය සහ­යෝ­ගී­තාව, වරාය සහ රේගුව සම්බන්ධ ගිවි­සුම් අත්සන් කිරීම සහ ද්විපා­ර්ශ්වික වෙළෙ­ඳම ඉහළ දැමීම කෙරෙහි පුටින්ගේ සහ මෝදිගේ වැඩි අව­ධා­නය යොමු වූ බව ද  සඳහාන් වේ.

Follow by Email
LinkedIn
Share
WhatsApp