Impartial news reporting for a stronger democratic society
සුමාත්‍රා දූපතේ පළාත් 3ක  මරණ සංඛ්‍යාව 908 පනී! අතුරුදන් වූ ගණන 410කට වැඩියි ! ගංව­තුර –  නාය­යෑම්වලට වගකිව යුතු බල­ධා­රීන් සහ  සමා­ගම් 12ක් ගැන පරීක්ෂණ

ගංව­තුර සහ නාය­යෑම් ඉහළ යෑමට හේතු වූ පාරි­ස­රික හානි­යට වග­කිවයුතු  ඉන්දු­නී­සි­යානු බල­ධා­රීන් සහ   සමා­ගම් 12ක් හඳු­නා­ගන්නා ගෙන ඇති අතර, ඒ් පිළි­බඳ විම­ර්ශන කට­යුතු ආරම්භ කැර ඇතැයි එරට පාරි­ස­රික ඇමැති රාජා ජුලි ඇන්ටෝනි ප්‍රකාශ කළ බව ඉන්දු­නී­සි­යාවේ අන්ටාරා පුවත් සේවය සඳහාන් කෙකෙය.

දැවැන්ත ගංව­තුර සහ නායයෑම් සිදු වූ සුමාත්‍රා දුපතේ ප්‍රාන්ත 3ක වනා­න්තර ප්‍රදේශ සහ ගංගා ද්‍රෝණි­ව­ලට හානි කළ ක්‍රියා­කා­ර­කම් පිළි­බඳ පරි­ස­ර­වේ­දීන් පෙන්වා දී ඇති අතර, ගංව­තුර අත­ර­තුර කඳු­ක­රයේ සිට පහ­ළට ගසා­ගෙන ගිය දැව කඳ­න්වල මූලාශ්‍ර සොයා ගැනී­මෙන් එම ස්ථාන සහ එහි ඉදි­කි­රීම් කට­යු­තු­වල නිර­තවූ සමා­ගම් හඳුනා ගැනී­මට පොලී­සිය සමඟ එක්ව එරට පාරි­ස­රික අමා­ත්‍යාං­ශය පුළුල් විම­ර්ශ­න­යක් සිදු කළ බව පාරි­ස­රික ඇමැ­ති­ව­රයා ප්‍රකාශ කැර ඇතැයි අන්ටාරා පුවත් සේවය වැඩි­දු­ර­ටත් සඳහාන් කළේය. එම සමාගම්වලට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද ඇමැතිවරයා සඳහන් කැර තිබේ. හෙක්ට­යාර් 7,50,000ක් ආව­ර­ණය වන පරිදි වනා­න්තර සහ ගංගා ද්‍රෝණි ආශ්‍රි­තව ඉදි කිරීමේ කට­යු­තු­වල නිර­ත­වී­මට සමා­ග­ම්ව­ලට ලබා දී ඇති බල­ප­ත්‍ර­ව­ලින් 20ක් පමණ අව­ලංගු කිරී­මට අමා­ත්‍යාං­ශයේ අව­ධා­නය යොමු වී ඇතැයි ද සඳහාන් වේ.

පෙරේදා වන විට සුමාත්‍රා දූපතේ පළාත් 3කින් වාර්තා වූ මරණ සංඛ්‍යාව 908 දක්වා ඉහළ ගොස් ඇති අතර, අතු­රු­දන් වූ තවත් පුද්ග­ල­යන් 410 දෙනකු පිළි­බඳ තොර­තුරු කිසි­වක් මෙතෙක් වාර්තා වී නැතැයි ජකර්තා ග්ලෝබ් පුවත් සේවය සඳහාන්  කෙළේය. ලක්ෂ 10කට ආසන්න පිරි­සක් අව­තැන් කළ ගංව­තුර සහ නාය­යෑ­ම්ව­ලින් පුද්ග­ල­යන් 4,200ක් තුවාල ලබා ඇති අතර, එරට ජාතික ආපදා අවම කිරීමේ ඒජ­න්සිය සඳ­හන් කැර ඇත්තේ නිවාස එක්ලක්ෂ විසි­එ­ක්ද­හ­සක් විනාශ වී ඇති බවයි.( දිනමිණ ඇසුරෙන්)

Follow by Email
LinkedIn
Share
WhatsApp