Impartial news reporting for a stronger democratic society
ආසියාව ම කැළඹු  සුළි කුණාටු චක්‍රය

මේ වසරේ ආර­ම්භයේ සිට පැසි­ෆික් සහ ඉන්දි­යානු සාග­ර­වල අවම වශ­යෙන් සුළි කුණාටු 16ක් සහ පීඩන අව­පාත දුසිම් ගණ­නක් සිදුවී ඇති අතර, අධික වර්ෂා­ප­ත­නය සහ දැවැන්ත කඳු කඩා­වැ­ටෙන ආකා­රයේ ප්‍රබල නාය යෑම් මේ වසරේ නිර්මා­ණය වූ බොහෝ සුළි කුණා­ටු­වල කැපී­පෙ­නෙන කරුණ බව ඉන්දි­යානු නිව­ර්තන කාල­ගුණ විද්‍යා ආය­ත­නයේ දේශ­ගුණ විද්‍යාඥ රොක්සි මැතිව් කෝල් ප්‍රකාශ කර තිබේ

ගෙවී ගිය සති­අ­න්ත­යේදී ශ්‍රී ලංකාව ඇතුළු ආසි­යා­තික කලා­පයේ රට­වල් රැසක් සුළි කුණා­ටු­ව­ලින් පීඩා­වට පත් විය. ශ්‍රී ලංකාව, ඉන්දු­නී­සි­යාව, තායි­ල­න්තය සහ පිලි­පී­නය මාරා­න්තික ගංව­තුර තත්ත්ව­ය­කට සහ දරුණු නාය යෑම් රැස­ක­ටම මුහුණ පෑ අතර, අස­ල්වාසී ඉන්දි­යාවේ තමි­ල්නාඩු ප්‍රාන්තය, මැලේ­සි­යාව, විය­ට්නා­මය සහ බෲනායි රාජ්‍යය ද අඩු­වැඩි වශ­යෙන් එහි බල­පෑ­ම්ව­ලට ගොදුරු විය. ඉන් වැඩිම බල­පෑම් එල්ල වූ ශ්‍රී ලංකාවේ සහ ඉන්දු­නී­සි­යාවේ සුමාත්‍රා දූපතේ තත්ත්වය අති­ශය ඛේද­ජ­නක ය. ගංව­තු­රට සහ නාය යෑම්ව­ලට හසුවී අතු­රු­දන් වූවන්ගේ මළ සිරුරු තව­මත් ගොඩ­ගැ­සෙ­මින් තිබේ.

ආසි­යා­වට බලපෑ සෙන්යාර්, දිට්වා සහ කෝටෝ වැනි නිව­ර්තන සුළි කුණාටු ත්‍රිත්ව­ය­ටම හේතු වූයේ බෙංගාල බොක්ක ආශ්‍රි­තව මලක්කා අර්ධ­ද්වී­පය අවට මුහුදු තීරයේ නිර්මා­ණය වූ අඩු පීඩන කලා­පය පීඩන අව­පා­ත­යක් දක්වා වර්ධ­නය වීමය. මේ නිව­ර්තන සුළි කුණාටු ඉතා කෙටි කාල­යක් ඇතු­ළත මිලි­මී­ටර් සිය ගණ­නා­වක ප්‍රබල වර්ෂා­ප­ත­න­යක් ලබා දුන් අතර, විවිධ ජන වර්ග­ව­ලට අයත් ජාතීන් රැස­ක­ටම මුහුණ පෑමට සිදු­වූයේ එක හා සමාන කාල­ගුණ තත්ත්ව­ය­ක­ටය.

සුළි කුණා­ටු­වල කැපී­පෙ­නෙන වර්ධ­න­යක්

මේ වසරේ ආර­ම්භයේ සිට පැසි­ෆික් සහ ඉන්දි­යානු සාග­ර­වල අවම වශ­යෙන් සුළි කුණාටු 16ක් සහ පීඩන අව­පාත දුසිම් ගණ­නක් සිදුවී ඇති අතර, අධික වර්ෂා­ප­ත­නය සහ දැවැන්ත කඳු කඩා­වැ­ටෙන ආකා­රයේ ප්‍රබල නාය යෑම් මේ වසරේ නිර්මා­ණය වූ බොහෝ සුළි කුණා­ටු­වල කැපී­පෙ­නෙන කරුණ බව ඉන්දි­යානු නිව­ර්තන කාල­ගුණ විද්‍යා ආය­ත­නයේ දේශ­ගුණ විද්‍යාඥ රොක්සි මැතිව් කෝල් ප්‍රකාශ කර තිබේ.

දේශ­ගු­ණික විප­ර්යාස සම්බ­න්ධව මෑත දශ­ක­යේදී ජාත්‍ය­න්ත­රයේ වැඩි අව­ධා­න­යට ලක් වීමට හේතු­වූයේ ද වායු­ගෝ­ලයේ උෂ්ණ­ත්වය ඉහළ යෑම ය. සුළි­කු­ණාටු වර්ධ­නය වීමට ප්‍රබ­ල­තම සාධ­කය වන්නේ ද සාගර ජලය උණු­සුම් වීමය. එක්සත් ජාතීන්ගේ පාරි­ස­රික වැඩ­ස­ට­හනේ නව වාර්තා­ව­කට අනුව වර්ත­මා­නය වන විට ගෝලීය උෂ්ණ­ත්වය පැරිස් ගිවි­සුමේ උෂ්ණත්ව ඉල­ක්ක­යට වඩා ඉහළ යෑමේ අව­දා­නම වේග­වත් වෙමින් තිබේ.

දේශ­ගු­ණික විප­ර්යා­ස­ව­ලට එරෙ­හිව පිය­වර ගැනීම උදෙසා මීට දශ­ක­ය­කට පෙර ලොව සියලු රට­වල් පැරිස් නුව­රදී අත්සන් කළ එම ගිවි­සු­මට අනුව වායු විමෝ­ච­නය සීමා කිරී­මට සහ ගෝලීය උෂ්ණ­ත්වය සෙල්සි­යස් අංශක 2ට වඩා බෙහෙ­වින් අඩු මට්ට­මක තබා ගැනී­මට රට­වල් 196 එකඟ වී තිබිණි. එවැනි ගිවි­සු­මක් ස්ථාපිත කරනු ලැබුවේ ගෝලීය උෂ්ණ­ත්වය ශීඝ්‍ර­යෙන් සෙල්සි­යස් අංශක 3.5 දක්වා ඉහළ යමින් පව­තින බවට එව­කට දේශ­ගුණ විද්‍යා­ඥ­යන් සිදු කළ අන­තුරු ඇඟ­වීම සැල­කි­ල්ලට ගනි­මිනි.

පැරිස් ගිවි­සුම

එමෙන්ම එය සෙල්සි­යස් අංශක 1.5 දක්වා සීමා කිරී­මට ද පැරිස් ගිවි­සු­මෙන් එක­ඟ­තාව පළ වී තිබිණි. එය වසර ගණ­නා­වක් පුරා සිදු­කළ අධ්‍ය­ය­න­ය­කට අනුව ගෝලීය උෂ්ණ­ත්වයේ සාමා­න්‍ය අගය ලෙස ද හඳු­න්වනු ලබයි. එය ලෝක කාර්මි­ක­ක­ර­ණ­යට පෙර පැවති ගෝලීය උෂ්ණත්ව මට්ටම ලෙස ද සැලකේ. එම අර­මුණ වෙනු­වෙන් සියලු රට­වල් නිශ්චිත ඉලක්ක සහිත මාර්ග සිති­යම් ද සකස් කර තිබිණි. එහෙත් වර්ත­මා­නය වන විට ගෝලීය උෂ්ණ­ත්වය ඉහළ යෑමේ අව­දා­න­මක් මතු වී ඇතැයි එක්සත් ජාතීන්ගේ පාරි­ස­රික වැඩ­ස­ට­හන් වාර්තාවේ සඳ­හන් වේ. පසු­ගි­යදා නිකුත් කරනු ලැබූ එක්සත් ජාතීන්ගේ පාරි­ස­රික වැඩ­ස­ට­හනේ 2025 විමෝ­චන පර­ත­රය සම්බන්ධ වාර්තා­වෙන් පෙන්වා දී ඇත්තේ ඉදිරි දශ­කය ඇතු­ළත ගෝලීය උෂ්ණ­ත්වය සෙල්සි­යස් අංශක 1.5 ඉක්ම­වනු ඇති බවය. එය ඉතා බර­ප­තළ පුරෝ­ක­ථ­න­යකි.

දීර්ඝ කාල­යක් පුරා ලෝක දේශ­ගුණ විද්‍යා­ඥ­යන්ගේ අද­හස වූයේ ගෝලීය උෂ්ණ­ත්වය සෙල්සි­යස් අංශක 1.5 ඉක්ම­වීම සඳහා තවත් දශක ගණ­නා­වක්ම ගත­වනු ඇති බවය. දේශ­ගු­ණික විප­ර්යා­ස­වල වඩාත් අහි­ත­කර බල­පෑම් වළක්වා ගැනී­මට ගෝලීය සාමාන්‍ය උෂ්ණ­ත්වය එම මට්ට­මට වඩා අඩු­වෙන් තබා­ගැ­නීම අති­ශය තීර­ණා­ත්මක වී තිබිණි. එබැ­වින් එම පුරෝ­ක­ථ­නය ජාත්‍ය­න්තර වශ­යෙන් දැඩි කතා­බ­හට ද ලක් වී තිබේ. ගෝලීය උෂ්ණ­ත්වය අවම මට්ට­මක තබා ගැනී­මට විශේ­ෂ­යෙන් අමෙ­රි­කාව ඇතුළු ධන­වත් රට­වල ඇති කැප­වීම සම්බ­න්ධව ලෝක දේශ­ගුණ විද්‍යා­ඥ­යන් ද කන­ස්සල්ල පළ කර තිබේ.

හරි­තා­ගාර වායු විමෝ­ච­නය

සියලු අන­තුරු ඇඟ­වීම් තිබි­ය­දිත් ලෝක හරි­තා­ගාර වායු විමෝ­ච­නය අඛ­ණ්ඩව සිදු වෙමින් පව­තින බැවින් එක්සත් ජාතීන්ගේ පාරි­ස­රික වැඩ­ස­ට­හනේ වාර්තා­වෙන් පෙන්වා දී ඇත්තේ අපේක්ෂා කළ යුතුව තිබූ පුරෝ­ක­ථ­න­යක් බව එම වැඩ­ස­ට­හනේ දේශ­ගු­ණික විප­ර්යාස අංශයේ අධ්‍යක්ෂ මාටින් ක්‍රවුස් ප්‍රකාශ කර ඇත. එහෙත් එම පුරෝ­ක­ථ­නය ලෝක ප්‍රජාව අවදි කළ අන­තුරු ඇඟ­වී­මක් ද වන බව ඔහු වැඩි­දු­ර­ටත් සඳ­හන් කර තිබේ. ‘දේශ­ගු­ණික විප­ර්යාස සියල්ල සැබෑ වෙමින් පවතී. අප කඩි­න­මින් මේ පිළි­බඳ පිය­වර නොගන්නේ නම් ප්‍රති­වි­පාක දරුණු වනු ඇත.‘ එක්සත් ජාතීන්ගේ පාරි­ස­රික වැඩ­ස­ට­හනේ දේශ­ගු­ණික විප­ර්යාස අංශයේ අධ්‍ය­ක්ෂ­ව­රයා ද එසේ අන­තුරු අඟවා තිබේ.

සාගර උෂ්ණ­ත්වය ඉහළ යෑම

පසු­ගිය වසර කිහි­පය ඇතු­ළත වායු­ගෝ­ලයේ සහ සාගර උෂ්ණ­ත්වය සැල­කිය යුතු අයු­රින් ඉහළ යෑමේ ප්‍රති­වි­පාක මේ වන විටත් ලෝක ප්‍රජාව අත්වි­ඳි­මින් සිටී. ශ්‍රී ලංකා­වට බලපෑ දිට්වා සුළි කුණා­ටුවේ බල­පෑ­ම්ව­ලට පෙර මේ වස­රේදී ලොව පුරා සිදු වී ඇති දරුණු ස්වාභා­වික විපත් ඊට නිද­සු­නකි.

පසු­ගිය ජන­වා­රියේ දකුණු අමෙ­රි­කානු කලා­පයේ පිහිටි ඉක්ව­දෝ­ර­යට බලපෑ නාය යෑම් සහ අධික ගංව­තුර තත්ත්වයේ සිට දිට්වා සුළි කුණා­ටුව දක්වා සිදු වූ ස්වාභා­වික විපත් ප්‍රමා­ණය සැල­කි­ල්ලට ගැනී­මේදී එය මැන­වින් පැහැ­දිලි වෙයි. අන­තු­රුව මේ දක්වා රට­වල් රැසක ගංව­තුර සහ නාය යෑම්, භු කම්පන, තාප තරංග සහ ළැව්ගිනි තත්ත්ව­යන් විශාල වශ­යෙන් සිදු වී තිබේ.

මේ සියලු ස්වාභා­වික විපත් සඳහා ප්‍රධා­න­තම සාධ­කය දේශ­ගු­ණික විප­ර්යාස බව ලෝක විද්‍යා­ඥ­යන් අඛ­ණ්ඩව ප්‍රකාශ නිකුත් කර­මින් සිටින අතර, ගෝලීය උෂ්ණ­ත්වය ඉහළ යෑමේ අව­දා­නම තව­දු­ර­ටත් පව­තින්නේ නම් ඉදිරි වසර 10 – 20 අතර කාල­සී­මාව ඇතු­ළත සිදු­විය හැකි මහා විනා­ශ­කාරි ස්වාභා­වික ආපදා සහ ඊට ගොදුරු වනු ඇතැයි අනු­මාන කළ කලාප සහ රට­වල් සම්බ­න්ධ­යෙන් ද පුරෝ­ක­ථන නිකුත් කර තිබේ.

මේ පිළි­බඳ ලෝක දේශ­ගුණ විද්‍යා­ඥ­යන් විසින් සිදු කර ඇති පුරෝ­ක­ථ­න­ව­ලට අනුව 4 සහ 5 කාණ්ඩ­යට අයත් සුළි කුණාටු සාමාන්‍ය තත්ත්ව­යක් බවට පත්වනු ඇත. එම කාණ්ඩ­ව­ලට අයත් සුළි කුණා­ටු­වල බල­පෑම් ද 20% සිට 30% දක්වා ඉහළ යෑමේ අව­දා­න­මක් ද පවතී. වර්ෂා­ප­ත­නයේ සහ මාරා­න්තික ගංව­තුර තත්ත්වයේ ඉහළ යෑමක් ද සිදු විය හැකි බවට අනා­වැකි පළ වී තිබේ. වසර 1993 සිට පසු­ගිය වසර දක්වා සෙන්ටි­මී­ටර් 11කින් ඉහළ ගිය බවට වාර්තා වන මුහුදු මට්ටම ද වසර 2030 වන විට සෙන්ටි මීටර් 5 දක්වා ඉහළ යෑමේ අව­දා­න­මක් ද මතු වී තිබේ.

එම තත්ත්වය යටතේ ඉදිරි වස­ර­ව­ලදී සුළි කුණාටු හේතු­වෙන් සිදු විය හැකි ආපදා ඉහළ මට්ට­මක පව­තින අතර, එම සුළි කුණා­ටු­වල බල­පෑම් හේතු­වෙන් වර්ෂා­ප­ත­නය ද 30%කට වැඩි ප්‍රති­ශ­ත­ය­කින් ඉහළ යනු ඇතැයි ද ලෝක දේශ­ගුණ විද්‍යා­ඥ­යන් අනු­මාන කර තිබේ. එය ශ්‍රී ලංකාවේ විශේ­ෂ­යෙන් උතුරු සහ නැඟෙ­න­හිර ඇතුළු වෙරළ තීර­යන් වෙත වැඩි වශ­යෙන් නිරා­ව­ර­ණය වූ රට­ව­ලට අහි­ත­කර බල­පෑම් සිදු වීමේ ප්‍රව­ණ­තාව ද සැල­කිය යුතු මට්ට­මක පව­තින බව සඳ­හන් වේ.

බෙංගාල බොක්ක සහ අරාබි මුහුද

එමෙන්ම මීට පෙර සුළි කුණාටු විරල කොරි­යාව, ජපා­නය සහ ඇල­ස්කාව වැනි කලා­ප­ව­ලට දැඩි බල­පෑම් එල්ල වනු ඇතැයි වාර්තා වේ. එම පුරෝ­ක­ථ­න­ව­ලට අනුව අරාබි මුහු­දට ද සුළි කුණාටු අව­දා­න­මක් පව­තින අතර, ඕමා­නය වැනි රට­ව­ලට එම­ඟින් අව­දා­නම ඉහළ ගොස් තිබේ. බෙංගාල බොක්ක ආශ්‍රි­තව මීට පෙර වැඩි වශ­යෙන් වාර්තා නොවූ 4 සහ 5 වැනි කාණ්ඩ­ව­ලට අයත් සුළි කුණාටු තත්ත්ව­යන් මතු විය හැකි බවට ද වාර්තා පළ වී තිබේ.

වසර 2020 සිදුවූ අම්පාන් සහ 2023 දී සිදු වූ මෝචා සුළි කුණාටු අයත් වන්නේ එම කාණ්ඩ­ව­ල­ටය. වසර 2045 වන විට ආසි­යා­තික කලා­පයේ සුළි කුණාටු අව­දා­නම ඕමා­නය, පාකි­ස්තා­නය, ඉන්දි­යාවේ ඇතැම් ප්‍රාන්ත­ව­ලට සහ මාල­දි­ව­යි­නට ද මතු­විය හැකි ආකා­රයේ වර්ධ­න­යක් සිදු වෙමින් පව­තින බව සඳ­හන් වේ. ඉන්දි­යා­වට බෙංගාල බොක්ක සහ අරාබි මුහුද ආශ්‍රි­තව කලාප 2කින්ම දරුණු සුළි කුණාටු අව­දා­න­මක් පව­තින බවට ද තොර­තුරු පළ වී තිබේ. වසර 2049 වන විට දේශ­ගු­ණික විප­ර්යාස සඳහා වස­ර­කට අමෙ­රි­කානු ඩොලර් ට්‍රිලි­යන 38ක් වැය වනු ඇතැයි මීට වස­ර­කට පෙර ලෝක ප්‍රකට ‘නේචර්’ සඟ­රාවේ පළ වී තිබිණි. ‘දේශ­ගු­ණික විප­ර්යා­ස­වල ආර්ථික කැප­වීම’ නමින් පළ වූ එම ලිපි­යෙන් ගෝලීය උෂ්ණ­ත්වය සහ වර්ෂා­ප­ත­නයේ විවිධ වෙන­ස්වීම් පිළි­බඳ ඉතා මැන­වින් විග්‍රහ කර තිබේ. වර්ත­මා­න­යේදී ශ්‍රී ලංකාව ඇතුළු සමස්ත ලෝක ප්‍රජාව මුහුණ පා සිටින්නේ එවැනි තත්ත්ව­ය­ක­ටය.

ෆවුස් මොහො­මඩ් – දෙසැ. 05- 2025, දිනමිණට ලියන ලද ලිපියක් ඇසුරෙන්

Follow by Email
LinkedIn
Share
WhatsApp