Impartial news reporting for a stronger democratic society
ආණ්ඩු­ක්‍රම ව්‍යවස්ථා සංශෝ­ධ­න­යට එරෙහිව පාකිස්තාන ශ්‍රේෂ්ඨා­ධි­ක­රණ විනි­සු­රු­ව­න් දෙදෙනෙක් ඉල්ලා අස්වෙති

පාකි­ස්තාන පාර්ලි­මේ­න්තුව පසුගියදා  සම්මත කර­ගත් එරට 27 වැනි ආණ්ඩු­ක්‍රම ව්‍යවස්ථා සංශෝ­ධ­න­යට විරෝ­ධය පළ කර­මින් ශ්‍රේෂ්ඨා­ධි­ක­රණ විනි­සු­රු­ව­රුන් දෙදෙ­නකු සිය ධුර­යෙන් ඉල්ලා අස් වී ඇතැයි පාකි­ස්තා­නයේ ඩෝන් පුවත් සේවය සඳහාන් කරයි.

 ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණයේ කීර්ති­මත් විනි­සු­රු­ව­රුන් ලෙස ප්‍රකට මන්සූර් අලි ෂාගේ සහ අතාර් මිනා­ල්ලාගේ ඉල්ලා අස්වීම පාකි­ස්තාන අධි­ක­රණ පද්ධ­තියේ අඳු­රු­තම දින­යක් බව එරට නීති­ඥ­වරු සහ දේශ­පා­ල­න­ඥ­යන් රැසක් ප්‍රකාශ කැර ඇතැයි ද ඩෝන් පුවත් සේවය වැඩි­දු­ර­ටත් සඳහාන් කළේය.

ශ්‍රේෂ්ඨා­ධි­ක­රණ විනි­සු­රු­ව­රුන් දෙදෙ­නාම සිය ඉල්ලා අස්වීමේ ලිපි වෙන් වෙන් වශ­යෙන් පාකි­ස්තා­නයේ අග­වි­නි­සුරු යහ්යා අෆ්රිඩි වෙත යොමු කැර ඇති අතර, ව්‍යව­ස්ථා­මය වශ­යෙන් සිදු කර ඇති වර­දක් සම්බ­න්ධව නිහ­ඬව සිටිම ඊට එක­ඟ­වී­මක් බවත්, ව්‍යව­ස්ථා­මය වශ­යෙන් නිහඬ කැර ඇති අධි­ක­රණ පද්ධ­ති­යක තව­දු­ර­ටත් රැඳී සිටී­මට නොහැකි බවත් එහි සඳ­හන් කර ඇතැයි ද  සඳහාන් වේ.  ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණයේ බල­තල කප්පාදු කිරී­ම­කට ලක් කැර ඇති නව ව්‍යවස්ථා සංශෝ­ධ­නය පිළි­බඳ විවා­ද­යක් පැවැ­ත්වීම සඳහා අධි­ක­රණ සමු­ළු­වක් කැඳ­වන ලෙසත් ශ්‍රේෂ්ඨා­ධි­ක­රණ විනි­සු­රු­ව­රුන් දෙදෙ­නාම අග­වි­නි­සු­රු­ව­ර­යා­ගෙන් ඉල්ලී­මක් කර ඇතැයි ද ඩෝන් පුවත් සේවය සඳ­හන් කෙළේය

Follow by Email
LinkedIn
Share
WhatsApp