Impartial news reporting for a stronger democratic society
ඉන්දියාවට දිට්වා සුළි කුණාටුවේ බලපෑම්! තමි­ල්නා­ඩු­වට දින තුනක්  තද වැසි

තමි­ල්නාඩු මුහුදු සීමා­වෙන් ඉව­තට ඇදී යමින් තිබෙන දිට්වා සුළි කුණා­ටුවේ බල­පෑම් හේතු­වෙන් ඊයේ (05) අඛ­ණ්ඩව තුන්වැනි දින­ය­ටත් චෙන්නායි නග­ර­යට සහ උතුරු තමි­ල්නාඩු ප්‍රදේ­ශ­යට අධික වර්ෂා­ප­ත­න­යක් හට­ගත් බව ඉන්දීය මාධ්‍ය සඳහාන් කරයි.

චෙන්නායි නග­රයේ ප්‍රධාන පානීය ජල සැප­යුම් මූලා­ශ්‍ර­යක් වන රෙඩ් හිල්ස් ජලා­ශයේ ජල ධාරි­තාව 96% දක්වා උප­රිම මට්ටම කරා ශීඝ්‍ර­යෙන් ඉහළ ගොස් ඇති අතර, චෙන්නායි බල­ධා­රින් එහි වාන් දොරටු විවෘත කිරී­මට සූදා­න­මින් පසු­වන බව ඉන්දීය මාධ්‍ය වැඩි­දු­ර­ටත් සඳහාන් කරයි. චෙන්නායි නග­ර­යෙන් සහ තිරු­ව­ල්ලූර් ප්‍රදේ­ශ­ව­ලින් ඊයේ අධික වර්ෂා­ප­ත­න­යක් වාර්තා වී ඇති අතර, ගංව­තුර තත්ත්ව­යක් ද හට­ගෙන ඇතැයි එරට මාධ්‍ය සඳ­හන් කරයි.

අධික වර්ෂාව හේතු­වෙන් තමි­ල්නා­ඩුවේ ප්‍රදේශ රැසක ජන ජීවි­තය අඩාළ වි ඇති අතර, ගම­නා­ග­ම­න­යට දැඩි බාධා සිදුවී ඇතැයි සඳහාන් වේ. නිරි­ත­දිග බෙංගාල බොක්ක සහ උතුරු තමි­ල්නාඩු-පුදු­චෙරි මුහුදු තීරයේ ඇති වූ පීඩන අව­පා­තය ක්‍රම­යෙන් නිරිත දෙසට ගමන් කරන බව ඉන්දීය කාල­ගුණ විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුව නිවේ­ද­නය කර තිබූ අතර, එම නිවේ­ද­න­යට අනුව අධික වැසි තත්ත්වය ඊයේ රාත්‍රිය වන විට පහව යෑමට නිය­මි­තව තිබිණි.

Follow by Email
LinkedIn
Share
WhatsApp