Impartial news reporting for a stronger democratic society
සුමාත්‍රා ගංව­තු­රෙන් ඉන්දු­නී­සි­යාවට  ඩොලර් බිලි­යන 4ක පාඩු­වක්!

ඉන්දු­නී­සි­යාවේ සුමාත්‍රා දූප­තට බලපෑ අධික ගංව­තුර සහ නාය යෑම් හේතු­වෙන් මිය­ගිය පුද්ග­ල­යන් සංඛ්‍යාව 776 දක්වා ඉහළ ගොස් ඇතැයි එරට ආපදා සහන සේවා ඒජ­න්සිය ප්‍රකාශ කළ බව ජකර්තා පෝස්ට් පුවත් සේවය  සඳහාන් කෙළේය.

ආපදා ඒජ­න්සියේ දත්ත සංඛ්‍යා­ලේ­ඛ­න­ව­ලට අනුව තවත් පුද්ග­ල­යන් 564 දෙනකු තව­මත් අතු­රු­දන් බව ද සඳහාන් වේ. අව­තැන් වූ මිලි­යන 1.5ක ජන­තාව වෙනු­වෙන් සහ­නා­ධාර සැප­යීම අඛණ්ඩව සිදු­වන බවත්, විනා­ශ­කාරි ගංව­තුර තත්ත්වය හේතු­වෙන් එරට ආර්ථි­ක­යට අමෙ­රි­කානු ඩොලර් බිලි­යන 4.1ක පාඩු­වක් සිදු වූ බව ඉන්දු­නී­සි­යානු රජය නිවේ­ද­නය කැර ඇතැයි ද සඳහාන් වේ.

මේ වන විට අව­තැ­න්වූ­වන්ට සහ­නා­ධාර බෙදා හැරීම සඳහා ගංව­තු­රෙන් විනාශ වූ  මහාමාර්ග සහ යටි­තල පහ­සු­කම් පිළි­ස­කර කිරීමේ වැඩ­ක­ට­යුතු ක්‍රියා­ත්මක කැර ඇතැයි ද ජකර්තා පෝස්ට් පුවත් සේවය වැඩි­දු­ර­ටත්  සඳහාන් කළේය.

දිස්ත්‍රික්ක 50කට අධික සංඛ්‍යා­වක නිවාස දස­ද­හ­ස­කට වැඩි ප්‍රමා­ණ­යක් ගංව­තු­රෙන් විනාශ වී ඇති අතර, රජයේ ගොඩ­නැ­ඟිලි 354ක් ද ගංව­තු­රට හසු වී ඇතැයි එරට මාධ්‍ය සඳ­හන් කරයි.(දිනමිණ ඇසුරෙන්)

Follow by Email
LinkedIn
Share
WhatsApp