Impartial news reporting for a stronger democratic society
ඒඩ්ස් තුරන් කිරී­මට පිය­වර ගන්න – ලෝක සෞඛ්‍ය සංවි­ධා­නය පාකි­ස්තා­න­යට කියයි

දකුණු ආසි­යා­තික කලා­පයේ එච්අ­යිවී වසං­ග­ත­යක් සඳහා පාකි­ස්තා­නය කේන්ද්‍ර­ස්ථා­න­යක් වීමෙන් වළක්වා ගැනී­මට අවශ්‍ය පිය­වර ගන්නා ලෙස ලෝක සෞඛ්‍ය සංවි­ධා­නය සහ එක්සත් ජාතීන්ගේ සංව­ර්ධන වැඩ­ස­ට­හන එරට බල­ධා­රී­න්ගෙන් ඉල්ලා සිටි බව විදෙස් මාධ්‍ය සඳහාන් කරයි.

පසු­ගිය 1 වැනි­දාට යෙදී තිබූ ලෝක ඒඩ්ස් දිනය නිමි­ත්තෙන් එම නිවේ­ද­නය නිකුත් කැර ඇති අතර, එදින එම සංවි­ධා­න­වල නියෝ­ජි­ත­යන් සහ පාකි­ස්තා­නයේ සෞඛ්‍ය අමා­ත්‍යාං­ශය ඒකා­බ­ද්ධව ජන­තාව දැනුම්­වත් කිරීමේ වැඩ­ස­ට­හන් ද ක්‍රියා­ත්මක කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් සඳහාන් කරයි. 2010 වන විට පාකි­ස්තා­නයේ එච්අ­යිවී ආසා­දි­ත­යන් 16,000ක් සිටි බවත්, පසු­ගිය වසර වන විට එම සංඛ්‍යාව 48,000 දක්වා 200%කට වඩා ඉහළ ගොස් ඇති බවත් විදෙස් මාධ්‍ය සඳ­හන් කරයි.

පාකි­ස්තා­නයේ කරච්චි නග­රයේ පිහිටි දිළිඳු සහ ජනා­කීර්ණ ප්‍රදේ­ශ­යක් වන සින්ද් කාර්මික ජන­ප­දයේ කුඩා දරු­වන් 15 දෙන­කුට වැඩි පිරි­සක් එච්අ­යිවී වයිර­ස­යට ගොදුරු වී ඇතැයි හඳු­නා­ගෙන ඇති අතර, එම කාලය ඇතු­ළත අවම වශ­යෙන් දරු­වන් දෙදෙ­නකු ජීවි­ත­ක්ෂ­යට පත්වී ඇතැයි ද වාර්තා වේ.

දිනමිණ ඇසුරෙන්

Follow by Email
LinkedIn
Share
WhatsApp