
නැගෙනහිර ඩොන්බාස් කලාපයෙන් යුක්රේන හමුදා ඉවත් විය යුතු බවත්, එසේම නොමැති නම් ඩොන්බාස් බලහත්කාරයෙන් හෝ ලබාගන්නා බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් යළිත් සඳහන් කැර ඇත.
බටහිර සම්බාධක මඟින් රුසියාවේ දශක ගණනාවක් පැරණි සබඳතා දුරස්කිරීමත් සමඟ රුසියාවේ ප්‍රමුඛතම අවි සහ තෙල් ගැනුම්කරු සමඟ වෙළෙඳාම ඉහළ නැංවීමේ අරමුණින් නවදිල්ලියේදී අගමැති නරේන්ද්‍ර මෝදි සමඟ ඊයේ (05) සාකච්ඡා පවත්වා ඇත.
තවදුරටත් රුසියානු ජනාධිපතිවරයා පවසා ඇත්තේ, යුක්රේන යුද්ධය අවසන් කරන්නේ කෙසේද යන්න පිළිබඳ ඕනෑම සම්මුතියක් ප්‍රතික්ෂේප කරන බවත් ඔහු ඉන්දියා ටුඩේ වෙත සඳහන් කැර තිබේ.
ඩොන්බාස් වලින් සියටට 85ක් පමණ මොස්කව් පාලනය කරණ බව පුටින් පෙන්වා දී තිබේ.
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සිය දෙදින ඉන්දීය සංචාරය සඳහා නවදිල්ලි නුවරට මේවන විට පැමිණ සිටි.
