
දිට්වා සුළි කුණාටුවෙන් ආපදාවට ලක්ව සිටින ශ්‍රී ලංකාවේ ජනතාවට චීන රජයෙන් අමෙරිකානු ඩොලර් මිලියන එකක මූල්‍ය ආධාර සහ යුවාන් මිලියන 10 ක හදිසි සහන සැපයුම් පසුගිය දා (02) ලබා දුනි.

මෙයට අමතරව, චීන රතු කුරුස සංගමය හරහා ශ්‍රී ලංකා රතු කුරුස සංගමයට අමෙරිකානු ඩොලර් 100,000 ක් ලබා දුන් අතර, ශ්‍රී ලංකාවේ චීන ව්‍යවසායන් සහ පුරවැසියන් සහන කටයුතු සඳහා තවත් රුපියල් මිලියන 10 ක් පරිත්‍යාග කළහ.
මෙම දායකත්වය ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොං මහතාට නිල වශයෙන් මෙය භාර දෙන ලද අතර, විදේශ කටයුතු ඇමැති විජිත හේරත් මහතා , ශ්‍රී ලංකා රජය වෙනුවෙන් එය පිළිගනු ලැබීය.
දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ මෑත කාලීන අයහපත් කාලගුණික තත්ත්වයන්ගෙන් පසුව ශ්‍රී ලංකාවේ දිගුකාලීන මිතුරෙකු වන චීනය දැක්වූ ස්ථිර සහයෝගය සඳහා රජයේ අවංක කෘතඥතාව ඇමැති හේරත් මහතා පළ කෙළේය.
චීන පාර්ශ්වය, ව්‍යසනයෙන් පීඩාවට පත් පවුල්වලට ගැඹුරු සංවේගය පළ කළ අතර, නිර්භීත ශ්‍රී ලාංකික ජනතාව නිසැකවම මෙම ව්‍යසනයෙන් ජය ගනු ඇති බවත්, සහයෝගීතාවයෙන් එක්සත් වී සිටින බවත්, නුදුරු අනාගතයේ දී තම නිවාස නැවත ගොඩනඟා ගනු ඇති බවත් චීනය විශ්වාසය කරන බව නැවත තහවුරු කෙළේය.

“අවශ්‍යතා ඇති මිතුරෙකු සැබවින්ම මිතුරෙකි” යන කියමනට අනුව, මෙම දුෂ්කර කාලය තුළ ශ්‍රී ලංකාව සමඟ සිටීම ට සහ රට යථා තත්ත්වයට පත් කිරීමට සහ නැවත ගොඩනැගීමට දරන උත්සාහයන්ට සහාය වීමට චීනය සිය කැපවීම නැවත අවධාරණය කෙළේය.
චන්දන විජේකෝන්
විසින්
