
ආපදාවට පත්වූ ප්රදේශවල ගලවාගැනීමේ සහ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු සඳහා ත්රිවිධ හමුදා සෙබළුන් 28,500ක පිරිසක් යොදවා ඇති බව යුද හමුදාව පවසයි.
යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්රිගෝ මහතා පැවසුවේ පීඩාවට පත්ව සිටි පුද්ගලයන් 31,057 දෙනකු මුදා ගැනීමට ත්රිවිධ හමුදාව කටයුතු කැර ඇති බවයි.
මේ අතර අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ බිදවැටුනු විදුලි සංදේශන පද්ධතිය සියයට 75කට වඩා මේ වන විට යථා තත්ත්වයට පත්කර ඇත.
විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් බන්ධුල හේරත් මහතා සඳහාන් කෙළේ, බිදවැටුනු ෆයිබර් සබඳතාද යළි යථා තත්ත්වයට පත් කරමින් සිටින බවයි.

