Impartial news reporting for a stronger democratic society
දිට්වා සුළි කුණා­ටු­වෙන් ළම­යින් 275,000ක් පීඩා­වට පත්වෙලා – යුනි­සෙෆ් සංවි­ධා­නය ප්‍රකාශ කරයි

 දිට්වා සුළි කුණා­ටු­වෙන් පසු ශ්‍රී ලංකාවේ ළම­යින් 275,000කට වැඩි පිරි­සක් පීඩා­වට පත්ව සිටින බව යුනි­සෙෆ් සංවි­ධා­නය ප්‍රකාශ කරයි.

දිට්වා සුළි කුණා­ටුව ශ්‍රී ලංකාව පුරා දරු­වන් මානු­ෂීය අර්බු­ද­ය­කට මුහුණ දී සිටින අතර පසු­ගිය නොවැ­ම්බර් 28 වන දින අලු­යම නැ‍ඟෙන­හිර වෙරළ තීර­යෙන් ගොඩ­බි­මට පැමි­ණී­මෙන් පසු, කුණා­ටුව ගංව­තුර සහ විනා­ශ­කාරී නාය­යෑම් ඇති කළ බව ද මූලික ඇස්ත­මේ­න්තු­ව­ලට අනුව බල­පෑ­මට ලක් වූ මිලි­යන 1.4ක ජන­තාව අතර ළම­යින් 275,000කට වැඩි පිරි­සක් සිටින නමුත්, සන්නි­වේ­දන සහ ප්‍රවේශ මාර්ග­වල අව­හි­රතා හේතු­වෙන් මේ තත්ත්වය තව­දු­ර­ටත් ඉහළ යාහැකි බව ද කියා සිටී.

සුළි කුණා­ටුව නිසා දරු­වන්ට සිදු වූ විනා­ශය, ඔවුන්ගේ ආර­ක්ෂාව සහ යහ­පැ­වැත්ම සඳහා ඔවුන් යැපෙන අත්‍ය­වශ්‍ය සේවා­වන් පිළි­බඳ යුනි­සෙෆ් දැඩි කන­ස්ස­ල්ලෙන් සිටින අතර පාඩු සහ අව­තැ­න්වී­ම්ව­ලට ලක් වූ පවුල් සමඟ සහ­යෝ­ග­යෙන් සිටින බව ද ශෝක­යට පත් ආද­ර­ණී­යන්ට පළ­ක­රන බව ද ශ්‍රී ලංකාවේ යුනි­සෙෆ් නියෝ­ජිත එමා බ්‍රිගම් මහ­ත්මිය පැව­සු­වාය.

Òදරු­වන්ට ඉක්ම­නින් උදව් අව­ශ්‍යයි. ජීවි­තා­ර­ක්ෂක සේවා දැඩි ලෙස අවශ්‍ය වන අතර වඩාත් අව­දා­න­මට ලක්විය හැකි පවුල් වෙත ළඟා­වී­මට කාලය ගත වෙනවාÓ යැයි ඇය සඳ­හන් කළාය.

අත්‍ය­වශ්‍ය සේවා­වන් කඩා­වැ­ටී­මත් සමඟ නිවාස සහ අත්‍ය­වශ්‍ය යටි­තල පහ­සු­ක­ම්ව­ලට සිදු වූ දරුණු හානිය, පුළුල් ලෙස අව­තැන් වීමට හේතු වී ඇති අතර රෝග පැති­රීමේ අව­දා­නම, මන්ද­පෝ­ෂ­ණය, අනා­ර­ක්ෂිත ජීවන තත්ත්ව­යන් සහ ළම­යින් අතර දැඩි චිත්ත­වේ­ගීය පීඩා­වන් වැඩි කරන බව ද යුනි­සෙෆ් සංවි­ධා­නය පෙන්වා දෙයි.

තත්ත්වය තක්සේරු කිරීම සඳහා යුනි­සෙෆ් ශ්‍රී ලංකාව රජය, ජාතික බල­ධා­රීන් සහ හවු­ල්ක­රු­වන් සමඟ සමී­පව සම්බ­න්ධී­ක­ර­ණය කර­මින් සිටින අතර ජීවි­තා­ර­ක්ෂක සහාය ලබා­දී­මට ද පිය­වර ගෙන ඇත. දැඩි­ලෙස පීඩා­වට පත් දිස්ත්‍රි­ක්ක­වල දරු­වන්ගේ සහ පවු­ල්වල හදිසි අව­ශ්‍යතා සපු­රා­ලීම සඳහා, යුනි­සෙෆ් සිය උත්සා­හ­යන් තව­දු­ර­ටත් පුළුල් කර­මින් පිරි­සිදු පානීය ජලය, අත්‍ය­වශ්‍ය පෝෂණ සැප­යුම්, මනෝ සමා­ජ­යීය සහාය සහ හදිසි අධ්‍යා­පන කට්ටල අව­තැන් වූ දරු­වන්ට සහ මවු­ව­රුන්ට ලබා­දීම සඳහා අම­තර අර­මු­දල් ඉල්ලා තිබේ.

මහින්ද අලු­ත්ගෙ­දර, දිනමිණට ලියන ලද ප්‍රවෘතියක් ඇසුරෙන්

Follow by Email
LinkedIn
Share
WhatsApp