
බන්ධනාගාරයේ සිටින පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ සෞඛ්‍ය තත්ත්වය සොයා බැලීම සඳහා අවස්ථාවක් ලබා දෙන ලෙස ඔහුගේ ටෙහ්රීකි ඉන්සාෆ් පක්ෂයේ නායකයන් රජයෙන් ඉල්ලීමක් කැර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහාන් කරයි.
ඔහුගේ පවුලේ සාමාජිකයන් සහ නීතිඥවරුන්ට පසුගිය නොවැම්බර් මස 4 වැනිදායින් පසු ඉම්රාන් හමුවීම තහනම් කිරීම හේතුවෙන් සිය නායකයාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ සැක මතු වී ඇතැයි ද ටෙහ්රීකි ඉන්සාෆ් පක්ෂ නායකයන් ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් කියයි.
2023 අගෝස්තුවේ සිට රාවල්පිණ්ඩි නුවර අඩියලා බන්ධනාගාරයේ සිරගත කර සිටින හිටපු අගමැතිවරයා නීතිවිරෝධී ලෙස හුදෙකලා කිරීම සම්බන්ධව සිය විරෝධතාව පළ කරන බව ද ටෙහ්රීකි ඉන්සාෆ් පක්ෂ නායකයන් වැඩිදුරටත් ප්‍රකාශ කැර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
ඉම්රාන් ඛාන් හමුවීමට අවස්ථාව ලබා දෙන ලෙස බල කරමින් ඔහුගේ පවුලේ සාමාජිකයන් සහ පක්ෂ නායකයන් පසුගියදා බන්ධනාගාරය ඉදිරිපිට විරෝධතාවක ද නිරත වූ අතර, ඔහු පූර්ණ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව තහවුරු කරන ලෙස ඉම්රාන්ගේ පුත්‍රයකු වන කාසිම් ඛාන් පාකිස්තාන රජයෙන් ඉල්ලීමක් කර ඇති බව සඳහාන්ය.( දිනමිණ ඇසුරෙන්)
