
ආපදාවන්ට ලක් වූ ප්‍රදේශවලට සෞඛ්‍ය සේවා සහාය ලබා දීම සඳහා හදිසි අවශ්‍යතාවයක දී කඩිනමින් යෙදවිය හැකි ජංගම රෝහල් දෙකක් සහ කාර්ය මණ්ඩලය 70ක් ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
සාගර් බන්ධු මෙහෙයුම යටතේ මෙම ජංගම රෝහල් අද (02) සවස ශ්‍රී ලංකාවට ළඟා වනු ඇතැයි ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය සඳහන් වෙයි.

