Impartial news reporting for a stronger democratic society
උලපනේ ගඩොල් බෝක්කුව නායයෑමෙන් ජීවත අහිමි වූවන් සිහිකර සර්ව ආගමික වතාවත්

නායාමයෑම නිසා උලපනේ ගඩොල් බෝක්කුව ප්‍රදේශයේ සිදුවූ අනතුරෙන් දිවි අහිමි වූ හා මෙතෙක් සොයා ගැනීමට නොහැකිව අතුරුදහන් වුවත් වෙනුවෙන් සර්ව ආගමික වතාවත් සිදුකිරීම ඊයේ (01) දින එම ස්ථානයේදී  සිදු විය.

මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ උඩුබුලත්ගම් පළාතේ සහ ගඟ ඉහළ කෝරළේ ප්‍රධාන සංඝනායක පස්බාගේ කෝරලයේ සාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරී කැන්දගොල්ලේ ධර්ම කීර්ති ශ්‍රී රතනජෝති සුධම්මානන්දාභිධාන නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේ මූලිකත්වයෙන් සියලු ආගමික නායකයින්ගේ සහභාගිත්වයෙන් මෙම වැඩසටහන පැවතිනි.

මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී තුෂාරි ජයසිංහ, පස්භාගේ කෝරලේ සභාපති මංජුල කරුණාරත්න ඇතුළු නිලධාරින් පිරිසකගේ සහභාගිත්වයෙන් මෙම ආගමික වැඩසටහන පැවැත්වූ අතර, ඉන් අනතුරුව නාවලපිටිය මහනුවර මාර්ගය යථා තත්ත්වයට පත් කිරිමේ කටයුතුද ආරම්භ කිරීම සිදු කෙරුණි.(දිනමිණ ඇසුරෙන්)

Follow by Email
LinkedIn
Share
WhatsApp