
ශ්‍රී ලංකා නැවත ගොඩනැගීම සාකච්ඡා කිරීම සඳහා ආර්ථික හා ආයෝජන සමුළුව උපාය මාර්ගව අත්‍යවශ්‍ය සංසදයක් බවත්, එය ඉදිරියට ගෙන යෑම සඳහා ලංකා වාණිජ මණ්ඩලයේ අවදානය යොමුව ඇතැයි පෙන්වා දෙයි.
“ නැවත යථා තත්ත්වයට පත්වීමේ මාවත පිළිබඳව සාමූහිකව මෙනෙහි කිරීම, ජාතික ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම සඳහා උපාය මාර්ගව සාකච්ඡා කිරීමත් ශක්තිමත් සහ ස්ථාවර ශ්‍රී ලංකාවක් නැවත ගොඩනැගීම සඳහා අපගේ සහමුලික කැපවීම නැවත තහවුරු කිරීමට මෙම සමුළුව දැන් අත්‍යවශ්‍ය සංසදයක් ලෙස ක්‍රියා කරයි.”
මෙම උත්සාහයේදී පෞද්ගලික අංශයට තීරණාත්මක කාර්යභාරයක් පැවරෙන අතර, දිගුකාලීන තිරසාර සංවර්ධනයට දායක වීම සඳහා එහි ජාල සහ සම්පත් බලමුළු ගැන්වීමෙන් උපකාරී වනු ඇතැයි ද මණ්ඩලය පැවසීය.
ලංකා වාණීජ මණ්ඩලය නිකුත් කළ ප්‍රකාශවේ මෙසේ දැක්වේ.
දිට්වා සුළි කුණාටුවෙන් පසු ජාතික ප්‍රතිසාධන ප්‍රයත්නයන් සඳහා ලංකා වාණිජ මණ්ඩලය සහාය තහවුරු කරන අතර,දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ විනාශය පිළිබඳව ලංකා වාණිජ මණ්ඩලය දැඩි ලෙස කණගාටු වෙයි. මෙම ඛේදවාචකයෙන් පීඩාවට පත් වූ සියලුම පුද්ගලයින්ගේ පවුල් සහ ප්‍රජාවන් සමඟ අපගේ සිතුවිලි බෙදා ගැනීමට මෙය අවස්ථාවක් කැර ගන්නවා.
ජීවිත අහිමි වීම ගැන අපි ශෝක වන අතර අවතැන් වූ සහ ජීවනෝපායන් දැඩි ලෙස කඩාකප්පල් වූ දහස් ගණනක් විඳදරා ගත් අතිමහත් දුෂ්කරතා ගැන අපිට මනා අවබෝධයක් තිබෙනවා.
මෙම ජාතික අර්බුදය හමුවේ, අපගේ සාමාජිකයින්ගේ ත්‍යාගශීලී සහයෝගය ඇතිව, මණ්ඩලය, හදිසි සහන කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා රජයේ ආයතන සමඟ සමීපව කටයුතු කරමින් සිටිනවා.
මෙවැනි අවස්ථාවන්හිදී ශ්‍රී ලාංකිකයන්ගේ නොසැලෙන ඔරොත්තු දීමේ හැකියාව පැහැදිලි වෙනවා. ජීවිත, ජීවනෝපායන් සහ ස්ථාවරත්වය යථා තත්ත්වයට පත් කිරීම සඳහා අපගේ සාමූහික ශක්තිය එක්රැස් කරමින් ජාතිය එකට එක්විය යුතු තීරණාත්මක කාලයක් දැන් උදාවී තිබෙනවා.
ශ්‍රී ලංකා ආර්ථික හා ආයෝජන සමුළුව මුලින් නිර්මාණය කරන ලද්දේ ආර්ථික වර්ධනය සහ ආයෝජන ඉදිරියට ගෙන යෑම සඳහා වේදිකාවක් ලෙස යි.
මෑත කාලීන සිදුවීම් සැලකිල්ලට ගනිමින්, එහි අරමුණ ඊටත් වඩා විශාල අර්ථයක් ඇතිව ගෙන යනවා. යථා තත්ත්වයට පත්වීමේ මාවත පිළිබඳව සාමූහිකව මෙනෙහි කිරීම, ජාතික ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම සඳහා උපාය මාර්ග සාකච්ඡා කිරීම, ශක්තිමත් සහ වඩා ස්ථාවර ශ්‍රී ලංකාවක් නැවත ගොඩනැගීම සඳහා අපගේ හවුල් කැපවීම නැවත තහවුරු කිරීම සඳහා මෙම සමුළුව දැන් අත්‍යවශ්‍ය සංසදයක් ලෙස බව පෙන්වා දිමට කැමැතියි.
අපගේ ප්‍රමුඛතාවය වන්නේ රටේ ප්‍රකෘතිමත් වීමට සහ ප්‍රජාවන් සහ ජීවනෝපායන් යථා තත්ත්වයට පත් කිරීමට සහාය වීමයි.
මෙම උත්සාහයේදී පෞද්ගලික අංශයට තීරණාත්මක කාර්යභාරයක් ඉටු කිරීමට ඇති අතර, දිගුකාලීන ඔරොත්තු දීමේ හැකියාව සහ තිරසාර සංවර්ධනය සඳහා අර්ථවත් ලෙස දායක වීම සඳහා අපගේ ජාල සහ සම්පත් බලමුළු ගැන්වීමේදී අපි ස්ථිරව සිටිමු.
වත්මන් තත්ත්වය හඳුනා ගනිමින්, කිසිදු සමාජීය සිදුවීමකින් තොරව සමුළුව ඉදිරියට ගෙන යෑමට මණ්ඩලය තීරණය කැර ඇති අතර, සහන කටයුතු සඳහා සහාය වීම සඳහා එවැනි ක්‍රියාකාරකම් සඳහා මුලින් වෙන් කරන ලද සියලුම අරමුදල් පරිත්‍යාග කරනු ඇති.
ඵලදායී හා සියල්ල ඇතුළත් ප්‍රකෘතියක් ඇති කිරීම සඳහා අවශ්‍ය සහයෝගීතාවය, ආයෝජන සහ ප්‍රතිපත්ති සංවාදය පෝෂණය කිරීම සඳහා මෙම සංශෝධිත ආකෘතියෙන් සමුළුව දිගටම කරගෙන යැම අත්‍යවශ්‍ය බව අපි විශ්වාස කරමු.
මෙම සාමූහික ජාතික ප්‍රයත්නයට අප හා එක්වන ලෙස අපි සියලුම සහභාගිවන්නන්ගෙන්, මණ්ඩල සාමාජිකයින්ගෙන් සහ මහජනතාවගෙන් ඉල්ලා සිටිමු. එක්ව, අපට මෙම විපත්ති මොහොත ශ්‍රී ලංකාවේ අලුත් කිරීම, ඔරොත්තු දීමේ හැකියාව සහ දිගුකාලීන ප්‍රගතිය සඳහා බලවත් අවස්ථාවක් බවට පත් කළ හැකි වෙන බව එද නිවේදනයේ සඳහාන් විය.
