
ගංවතුර බැස යමින් පවතින තත්ත්වය තුළ වසංගත රෝග, වාහක රෝග පැතිරීමේ දැඩි අවදානම සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙස ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ සහකාර ලේකම් ජයතිස්ස මුණසිංහ මහතා මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ සහකාර ලේකම් ජයතිස්ස මුණසිංහ මහතා මෙම ඉල්ලීම කෙළේ ත්‍රිවිධ හමුදා ආරක්ෂක මූලස්ථානයේ ඊයේ (01) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.
තවදුරටත් ඒ් මහතා මෙසේද පැවසීය.
එසේම ආපදාවෙන් විපතට පත්වූ ජනතාවට සහන සැලසීම සඳහා එක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට රුපියල් මිලියන 50ක් බැගින් මුදල් ලබාදි තිබෙනවා.ආපදාවෙන් විපතට ජනතාවට සහන ලබාදීමේ එම සහනවල ප්‍රමාණයන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉහළ නංවා තිබෙනවා. හදිසි ආපදා තත්ත්වය යටතේ බාධාවකින් තොරව ප්‍රසම්පාදන කටයුතු සිදු කිරීම සඳහා එක් ප්‍රාදේශීය ලේකම්වරයකුට රුපියල් මිලියන 50 දක්වා ලබා දි තිබෙනවා.
එසේම වියළි ආහාර සඳහා මෙතෙක් සිදු වූ මුදල් බැංකු ගත කිරීමට අමතරව අවශ්‍යතාව අනුව වියළි ආහාර ද්‍රව්‍ය මලු වශයෙන් ලබාදීමට අනුමැතිය ලබා දී තිබෙනවා., ප්‍රාදේශීය ලේකම්වරුන්ට තමන්ගේ ප්‍රදේශයේ පවතින සුවිශේෂී තත්ත්වයන් අනුව සුදුසු කමිටුවක් මගින් තීන්දු තීරණ ගැනීමට අවශ්‍ය අනුමැතිය ලබා දී තිබෙනවා.
විශේෂයෙන්ම වියළි ආහාර ද්‍රව්‍ය සඳහා ලබා දෙන මුදල් දින 07ක් සඳහා එක් පවුලකට ලබාදෙන බවත්, එය අවශ්‍යතාව පරිදි වැඩි කරගත හැකියි. තනි පුද්ගලයෙකුට රුපියල් 2100ක්, සාමාජිකයන් දෙදෙනෙකුගෙන් යුත් පවුලක් සඳහා 4200ක් සහ සාමාජිකයන් තුන් දෙනෙකුගෙන් යුත් පවුලක් සඳහා 6300ක්, සාමාජිකයන් හතර දෙනෙකුගෙන් යුත් පවුලක් සඳහා 8400ක් සහ සාමාජිකයන් පස් දෙනෙක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් සිටින පවුල්වලට රුපියල් 10,500ක් වශයෙන් මුදල් වෙන් කර තිබෙනවා.
මේ වන විට ජල ගැලීම් සහ ගංවතුර බැස යමින් පවතින තත්ත්වය තුළ වසංගත රෝග, වාහක රෝග පැතිරීමේ දැඩි අවදානම පවතින බැවින් මහජනතාව ඒ් ගැන සැලකිලිමත් වන ලෙස ඉල්ලා සිටිනවා. මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ ඒ පිළිබඳව සුදුසු ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා.
ජල ගැලීම්වලින් සහ ගංවතුර තත්ත්වය හේතුවෙන් නිවාස යම්කිසි ආකාරයකින් නැවත මඩ, පස්, සුන්බුන් ඉවත් කර ශුද්ධ පවිත්‍ර කර ගැනීමට අවශ්‍ය වන බැවින් ඒ සඳහා 1 (2025) චක්‍රලේඛයේ 5 (2) වගන්තිය සංශෝධනය කර තිබෙන බවත්, ඒ අනුව මෙම ආපදාවට මුහුණ දුන් සෑම නිවෙසකටම එහි සනීපාරක්ෂක තත්ත්වයන් යථා තත්ත්වයට පත් කර ගැනීමට සහ පදිංචියට සුදුසු නිවෙසක් බවට පත් කර ගැනීමට රුපියල් 10,000ක අත්තිකාරම් මුදලක් ලබා දීමට කටයුතු කරමින් සිටිනවා.

ඒ අනුව අදාළ අත්තිකාරම් මුදල් ලබාදීමේ දී නිවෙසේ අයිතිය නොසලකා ආපදාවට ලක්වූ සෑම පුද්ගලයකුටම ලබාදීමට කටයුතු යොදා තිබෙනවා. ඊට අදාළ චක්‍රලේඛය ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා මහතා විසින් ඊයේ නිකුත් කළා.
තීව්ර ලෙස ආපදාවට මුහුණ දුන් ප්‍රදේශවල සන්නිවේදන කටයුතු යථා තත්ත්වයට පත් වෙමින් තිබෙනවා. මේ කාලය තුළ සහන සේවා නිලධාරීන් ඉතා දැඩි පරිශ්‍රමයකින් කටයුතු කරන බැවින් සිය සම්පූර්ණ සහාය ඔවුන්ට ලබා දෙන ලෙසද ජනතාවගෙන් ඒ් මහතා ඉල්ලීමක් කෙළේය.
( දිනමිණ ඇසුරෙන්)
