
අයහපත් කාලගුණය හේතුවෙන් දිවයින පුරා සිදු වූ ආපදා තත්ත්වය හේතුවෙන් පුද්ගල මරණ 410ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, අතුරුදන් සංඛ්යාව 336ක් වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්යස්ථානය සඳහන් කරයි.
එමෙන්ම පවුල් 382,651ක පුද්ගලයින් 1,373,899 දෙනෙකු මෙම ආපදාවෙන් පීඩාවට පත්ව ඇතැයිද නිවාස 432ක් පූර්ණ වශයෙන් හානියට පත්ව, තවත් නිවාස 15,688ක් අර්ධ වශයෙන් හානියට පත්ව ඇතැයි ද සඳහන් වේ. නමුත් ඉදිරියේ දී මෙම සංඛ්යාවල ඉහළ යෑමක් ඇි විය හැකි බව ආපදා කළමනාකරණ මධ්යස්ථානය තවදුරටත් සඳහන් කරයි
තවද දිවයින පුරා සුරක්ෂිත මධ්යස්ථාන 1,368ක පවුල් 57,790ක පුද්ගලයින් 204,597ක් රැඳි සිටින බවත් එම මධ්යස්තානය සඳහන් කෙළේය.
