
ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික මුදල් බෝග තුන ලෙස සැලකෙන තේ, රබර් සහ පොල්වල සමස්ත නිෂ්පාදනය පහත වැටී ඇති බව මහ බැංකුව වාර්තා කෙළේය.
මෙම තත්ත්වය 2025 ජනවාරි සිට නොවැම්බර් දක්වා කාලය තුළ ඇතිව තිබෙන බව සඳහාන් වෙයි.
පොල් නිෂ්පාදනය වර්ධන ගම්‍යතාව පවත්වා ගෙන ගිය අතර, නොවැම්බර් මාසයේ දී සැලකිය යුතු වාර්ෂික වැඩිවීමක් සහ ජනවාරි සිට නොවැම්බර් දක්වා කාලය සඳහා ධනාත්මක වර්ධනයක් වාර්තා කැර ඇත.
තේ නිෂ්පාදනය සමස්තයක් ලෙස වාර්ෂිකව සුළු වැඩිවීමක් පෙන්නුම් කළ ද, නොවැම්බර් මාසයේදී අංශය කීපයක් යටතේ කෙටිකාලීන නිෂ්පාදන පීඩනයක් පෙන්නුම් කැර ඇති බව සඳහාන්ය.
තාවකාලික දත්තවලට අනුව ජනවාරි සිට නොවැම්බර් කාලය තුළ සමස්ත රබර් නිෂ්පාදනය පහත වැටුණු අතර, අධික වර්ෂාපතනය හේතු කොටගෙන රබර් වගා කරන ප්‍රදේශවල කිරි කැපීමේ කටයුතුවලට බාධා ඇති වී තිබේ.
විදේශ විනිමය ඉපැයීම් සහ ග්‍රාමීය ජීවනෝපායන්වලට ප්‍රධාන දායකත්වයක් සපයන ශ්‍රී ලංකාවේ වැවිලි අංශය විටින් විටත්, අඛණ්ඩවත් අභියෝගවලට මුහුණ දුන් බව දත්ත මඟිනි තහවුරු කැර ඇත.
